
ඖෂධ හා නවීන වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේ දී ඉන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභයට වඩා විශාල මුදලක් අක්රමිකතාවයට ලක්වීම බටහිර වෛද්‍ය ක්ෂේත්රය තුළ ප්‍රබල ගැටලූවක් බවට පත්ව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මනම්පිටිය ග්‍රාමීය ආයුර්වේද රෝහලේ නව වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට ඊයේ (28) පස්වරුවේ එක් වෙමිනි.
මනම්පිටිය ග්‍රාමීය ආයුර්වේද රෝහලේ පැවති දීර්ඝ කාලීන අඩුපාඩුවක් සපුරාලමින් පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකර තිබෙන මෙම වාට්ටු සංකීර්ණය සදහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 165කි.
ඇ
දන් 28 කින් සමන්විත වාට්ටු සංකීර්ණය බාහිර රෝගී ප්‍රතිකාර අංශයක් ඇතුථ සියලූ පහසුකම්වලින් සමන්විතය. මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ස
දහන් කළේ අපගේ ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ක්‍රමය ඉහළ වටිනාකමකින් සමන්විත බවයි. බටහිර වෛද්‍ය විද්‍යාව කෙතරම් දියුණු වුව ද මෙරට දේශීය වෛද්‍ය ක්රමයේ් වටිනාකම් තවමත් යටපත් කිරීමට නොහැකි වී ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.