තීක්ෂණගේ සති අග ලොව වටා පුවත් විමසුම

චීන – ඇමෙරිකා වෙළෙඳ කතාබහ ගැන යළි ඉඟි

චීනය සහ ඇමෙරිකාව අතර පවතින වෙළෙඳ යුද්ධය මේ වන විට මුළු ලෝකයම අස්ථාවර කරමින් තිබෙනවා. දැන් දැන් එය අපේ එදිනෙදා සාමාන්‍ය ජන ජීවිතයටත් බලපෑම් කරන තත්ත්වයට පැමිණ ඇති බව ‘‘ගුගල් – හුවාවෙයි’’ අර්බුදයෙන් ද පැහැදිලි වෙනවා.

මේ අතර යළි වෙළඳ සාකච්ඡා ආරම්භ කිරිමට ඇමරිකාව සහ චීනය එකඟතාව පළකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර ඇති වූ දීර්ඝ සාකච්ඡාවෙන් පසු ඇති වූ එකඟතාවට අනුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

චීන නායකයා සමග පැවති සාකච්ඡාවටය ඉතා සාර්ථකව අවසන් වූ බව ට‍්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. එහෙත් වෙළඳ සාකච්ඡා පැවැත්වෙන කාල සීමාවක් පිළිබඳව මෙතෙක් දැනුම් දී නැති බවයි වාර්තා වන්නේ.

ට‍්‍රම්ප් දකුණු කොරියාවේ

ට‍්‍රම්ප් පසුගිය කාලය පුරාම විදෙස් සංචාරක රැුසක නිරත වුණා. ඒ අතර ජපන්, මහා බි‍්‍රතාන්‍ය සංචාර ප‍්‍රමුඛයි. ඒ අතර ඔහු ඊයේ ‘‘ජී 20’’ රාජ්‍ය නායක සමුළුවට ද පැමිණියා.

මේ අතර ජී 20 සමුළුවෙන් පසු තමා දකුණු කොරියාවේ දින දෙකක නිල සංචාරයකට එක්වන බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබෙනවා. එහිදී න්‍යෂ්ටික අවි සහ උතුරු කොරියා ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි ට‍්‍රම්ප් පවසා ඇත්තේ.

මුම්බායිවලට අධික වැසි

මෝසම් වර්ෂාවේ බලපෑම හේතුවෙන් ඉන්දියාවේ බටහිර වෙරළ තීරයට අයත් ප‍්‍රාන්ත කිහිපයකට අධික වර්ෂාපතනයක් ලැබෙමින් තිබෙනවා. ඒ අතර ඉන්දියාවේ මුම්බායි අගනුවර ප‍්‍රධානයි. අද (29) මුම්බායි නගරයට දැඩි වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. අධික වැසි හේතුවෙන් සිදුවූ අනතුරුවලින් පුද්ගලයන් 03 දෙනෙකු මිය ගිය බවත් තවත් 05 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

පුනේයිවල ඛේදවාචකයක්

මුම්බායි, මහාරාෂ්ට‍්‍ර අධික වර්ෂාවෙන් බැටකද්දී ඉන්දියාවේ පූනෙයි දිස්ති‍්‍රක්කයේ තාප්පයක් කඩාවැටීමෙන් පුද්ගලයන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.

තාප්පය කඩාවැටී ඇත්තේ අසල තිබූ නිවාස පේලියක් මතටයි. එයින් නිවාස පේළියට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා. මියගිය පුද්ගලයින් අතර අතර ළමුන් හතර දෙනෙකු සහ කාන්තාවක් සිටිනවා.

මානව ඛේදවාචක ඉන්දියාවෙන් පමණක් නිමා වෙන්නේ නැහැ. අප‍්‍රිකානු රාජ්‍යයක් වන කොංගෝ රාජ්‍යයෙන් ද දැවැන්ත මානව ඛේදවාචකයක් වාර්තා වුණා.

කොංගෝවේ අනවසර පතළක් කඩා වැටී 36ක් මරුට

කොංගෝ රාජ්‍යයේ ගිනිකොන ප්‍රදේශයේ නීති විරෝධීව පවත්වා ගෙන ගිය තඹ පතලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 36 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

දිනකට සේවකයින් 2000ක් පමණ මෙම පතලේ සේවයේ යෙදෙන බව ද බලධාරීන් වාර්තා කරනවා. කොංගෝ රාජ්‍යයේ මෙවැනි සිදුවීම් බහුලව සිදුවන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මිනිසා විසින්ම සහ ස්වභාවික ආපදා මගින් ලොව පුරා මිනිසුන් සිය ගණනින් මිය යද්දී අන්තවාදීන් සහ ත‍්‍රස්තවාදීන් ද නිමක් නැති මානව සංහාරවල නිතර වෙනවා. ඒ අතර ඇෆ්ගනිස්ථානය ප‍්‍රමුඛයි.

ඇෆ්ගන්හි අන්තවාදී ප‍්‍රහාරයකින් 25ක් මරුට

තලෙයිබාන් ප‍්‍රහාරයකින් උතුරු ඇෆ්ගනිස්ථානයේ බැග්ලන් ප‍්‍රාන්තයේදී රජයට පක්ෂපාති හමුදා කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප‍්‍රහාරකයින් පුද්ගලයින් 25 දෙනකු ඝාතනයට පත් වුණා. ප‍්‍රහාරයෙන් තවත් 08 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. මෙය තලේයිබාන් අන්තවාදීන් විසින් එල්ල කළ ප‍්‍රහාරයක් බවයි විශ්වාස කරන්නේ. කෙසේ වෙතත් තලෙයිබාන් කැරළිකරුවන් මෙතෙක් ප‍්‍රහාරයේ වගකීම භාරගෙන නැහැ.

සිඞ්නි අගනුවර මීදුමෙන් වැසී යයි

ඉන්දියාවේ මුම්බායි නුවර අධික වර්ෂාපතනයෙන් බැටකද්දී ඔස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර අද (29) උදෑසන අධික මීදුම් පතනයකින් පීඩාවට පත් වුණා

මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ කාර්ය බහුලම ගුවන් තොටුපළ ලෙස සැලකෙන සිඩ්නි ගුවන් තොටුපළේ ගුවන් ගමන් රැසකට මෙමගින් බාධා එල්ල වූ බවත් ගුවන් ගමන් රැසක් අවලංගු කළ බවත් ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය සඳහන් කරනවා. පසුගිය සතියේදී ද මෙවැනිම තත්ත්වයක් සිඩ්නි නුවරින් වාර්තා වූ බව සඳහන්.

සටහන – තීක්ෂණ වෙළෙන්එගොඩ

Recommended For You

About the Author: Editor