වෙනිසියුලාව ජනශූන්‍ය වන හැඩ: ලක්ෂ 87ක් රටින් පිටවීමේ උත්සාහයක

වෙනිසියුලාව කියන්නේ ලතින් ඇමෙරිකානු රටක්. දැවැන්ත තෙල් සංචිතයකට හිමිකම් කියන රටක්. කලක් ජාත්‍යන්තර වාමාංශික ව්‍යාපාරයට ආලෝකයක් ලබා දුන් රටක්. සතුටින් ජීවත් වූ, රටට ආදරය කළ ජනතාවක් ජීවත් වූ රටක්. ඒ වගේම ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර ඇලියට ඇහේ කටුවක් වාගේ තිබුණ රටක්. කොටින්ම වෙනිසියුලාවේ හියුගෝ චාවේස්ගේ පාලනය අතුගා දැමීම කලක් ඇමෙරිකාවේ ප‍්‍රබල සිහිනයක් වෙලා තිබුණා. ජනපති මදුරෝ යටතෙත් වෙනසක් නැහැ.

කොහොම වුණත් දැන් වෙනිසියුලාව කියන්නේ තව දුරටත් චාවේස් යටතේ තිබුණ දියුණු, විප්ලවකාරී රට නෙවෙයි. රටට ආදරය කළ ජනතාවක් සිටින රටක් නෙවෙයි. වර්තමාන ලෝකයේ දැවැන්ත ආර්ථික බිඳ වැටීමට ලක්ව සිටින රටක්. පාලක ජනපති මදුරෝ සහ විපක්ෂය අතර පවතින දේශපාලන බල අරගලය මේ වන විට වෙනිසියුලාව අරාජික කර අවසන්. රටේ පාලනයක් නැති ගාණයි. ජනතාව වීදි බැස සිටිනවා. ඒත් මදුරෝ පාලනය අතහැර යාමට සූදානම් නැහැ. ඇමෙරිකාවේ ඍජු සහාය ලබන විපක්ෂ කණ්ඩායම් රට සම්පූර්ණයෙන්ම අරාජික කිරීමට කළ හැකි සෑම දෙයක්ම කරනවා.

මේ වන විට ලෝකයේ දැවැන්තම සංක‍්‍රමණික ගැටලූව වෙනිසියුලාව විසින් නිර්මාණය කර තිබෙනවා. ඇමරිකා රාජ්‍ය සංවිධානය ප‍්‍රකාශ කරන ආකාරයට මේ වනවිට විශාල පිරිසක් වෙනත් රටවලට සංක‍්‍රමණය වෙමින් සිටිනවා. ඔවුන් පුරෝකථනය කරන්නේ තත්ත්වය යහපත් නොවුණහොත් 2020 වන විට වෙනිසියුලානුවන් ලක්ෂ 82ක් පමණ රටින් පළා යනු ඇති බවයි. එය මෙතෙක් වැඩිම සංක‍්‍රමණිකයන් පිරිසක් බිහිකළ සිරියානු සිවිල් යුද්ධය ද ඉක්මවා යන අගයක්. සිරියානු අර්බුදය හේතුවෙන් ලක්ෂ 67ක ජනයා එරටින් සංක‍්‍රමණය වුණා.

Recommended For You

About the Author: Editor