ගල් අගුරු – කොමිස් හා පරිසර අභියෝගය

රවීන්ද්‍ර කාරියවසම් – පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය

වීන්ද්‍ර කාරියවසම් – පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය

විශාල විශාල වශයෙන් ගල් අගුරු දහනය ආරමිබ වන්නේ  ගල් අගුරු කරණය නැත්නමි කර්මාන්ත කරණය යුරෝපයේ ආරමිබ වූ අවධියේය. ඒ එක්දහස් අටසිය පහළවෙින් පසුවයි.  විශේෂයෙන් යුරෝපය හා ඇමරිකාව පදනමි කරගනිමින් විශාල කර්මාන්ත ශාලා ඉන්දන නිෂ්පාදනය සදහා ගල් අගුරු බලා ගාර ආරමිබ කිරීම සිදුවිය’

මෙි සදහා අවශ්‍ය ගල් අගුරු ලොව විශාලම ගල් අගුරු කැණිමි සිදුකරන ඇමරිකාවෙි වයෝමීන් ගංගා නිමිනයේ ඇති  ගල් අගුරු පතලෙන්,   මොන්ගොලීයාවෙි  චීනයට අයත්  ගල් අගුරු පතලක් ලෙස හදුන්වන ලොව දෙවනුවට විශාල ගල් අගුරු  ආකරය වන  Haerwusu පතලෙනුත්  එම ඵම ප්‍රදේශයේම පවත්වාගන යන චීනයට අයත් ලොව තෙවන විශාල ගල් අගුරු පතලවන Hei Dai Gou තලෙනුත්  මෙසැමිබික් හි  මොඇටයිස්,   ඇමරිකාවෙි බැලැක් තණ්ඩර්  හා කොබලෝ ,  ඔස්ටෙිලියාවෙි  පීක් ඩවුන්ස්  හා ආර්තුර්, රුසියාවෙි රස්පදස්ක්්‍යා , කොළමිබියාවෙි  චෙරජොන්  වැනි  ලොව විශාලතමි ගල් අගුරු ආකර වලින්  ලබා ගන්නා ලද අතර මෙම බලාගාර වල  හිමිකමි ඇත්තේ බහුතර වශවේන් චීනය එංගලන්තය ඇමරිකාව හා රුසියන් සමාගමි වලටය.

වසර එකසිය අනූවකට අධික කාලයක් යුරෝපය හා ඇමරිකාව සිය ප්‍රධාන කර්මාන්ත ශාලා පවත්වාගන යමෙි ප්‍රධානතම බලශක්ති නිශ්පාධකයා ලෙස භාවිතා කරන ලද්දේ ගල් අගුරු වන අතර  එම වසර ගණනාවක ගල් අගුරු භාවිතයත් සමගම  යුරෝපයෙි හා ඇමරිකාවෙි පරිසරයට හා ජන සමාජයට අත්වූ ඉරණම පිළිබද එහි විද්‍යාඥයින් විසින්ම පර්යේශණ කිරීම ආරමිභ කරන ලදී.

ඒ අනුව අද ගල්අඟරු බලාගර හඳුන්වන්නේ ලොව ඇති ප්‍රධානම පරිසර දූෂකයන් ලෙසය. අද ඒවා බලශක්ති නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ යල් පැන ගිය  බලශක්ති උත් පාදකයන් ලෙස සල කනු ලබයි. යල් පැනගිය තාක්ෂණයක් වන අතර ගල් අඟරු කෝච්චි මෙන් ලෝකයෙන් ඉවත් කරමින් තිබෙන දෙයකි. යුරෝපයේ රටවල් 25ක් ඇති ගල් අඟරු බලාගාර 30ක් සොබාදහම සඳහා වන ලෝක අරමුදල (WWF) විසින් නම් කර ඇත්තේ යුරෝපය් කිළුටු තිහ (Europ’s Dirty Thirty) ලෙසයි.   ගල් අඟරු තාක්ෂණය යල් පැන ගොස් තිබෙන බව සැලකෙන්නේ දැනට වසර 30කට පමණ පෙර සිටය. ඒනිසා පරණ වාහන මෙන් දැන් ඒවා කාගේ හෝ කරේ ගැසීමට ලොවපුරා බලවත් රටවල් උත්සහ ගනිමින් ඇත. ඒවා විකිණිය හැකි වන්නේ ‘දේශපාලුවන්ගෙන්’ පිරි තුන්වන ලෝකයට අයත් රටවලට පමණි. අපට ගල් අඟරු නොමැති නිසා එවැනි බලාගාර ආනයනය කළ පසු සදාකාලිකවම ඒ රටවල් සතු ගල් අඟුරු මත යැපීමට අපට සිදුවනු ඇත.

ලංකාවි දෙදහස් හතලිහ වන විට මෙිගා වොටි 1200 ගල් අගුරු  විදුලි නිෂ්පාදනය සදහා අවශය පියවර ගනිමින් සිටී  ඒ අනුව නොරේචිචොලේ දැනට මෙිගා වොටි 300 දාරිතාව 900 දක්වා වැඩි කිරීමටත්  ත්‍රීකුණාමලයේ නව ගල් අගුරු බලා ගාරයක් ඉදිකිරීමටත්  අවශය කැබිනටි අනුමැතිය මෙි වන විට යහපාලන රජය විසින් ගෙන ඇත. තත්පර අනූවකින් සූර්යාගේ සිට හිරු එළිය පතිත වන රටක සූර්්‍ය බළ ශක්තිය භාවිතයට නෙගෙන ගල් අගුරු පසු පස යන්නේ ඇයි දැයි අපට ඇත්තේ දැවැන්ත ප්‍රශ්නයකි’

ගල්  අගුරු හරහා ගල් වන කොමිස්

මෙගාවොට් 1200ක ධාරිතාවයෙන් යුතු ගල් අඟරු බලාගාර සඳහා දිනකට ගල් අඟරු මෙටි්‍රක් ටොන් 10,560ක් අවශ්‍ය වෙයි.ඒ අනුව වාර්ෂික අවශ්‍යතාව මෙ. ටොන් 3,854,400කි. මෙ. ටොන් 1කට ඩොලර් 1 කොමිස් මුදලක් අවම වශයෙන් යම් යම් අයට ලැබෙන්නේ නම්, වාර්ෂික ඒ අයට ලැබෙන කොමිස් මුදල පමණක් ඩොලර් 3,854,400කි. එය 10 දෙනෙකු අතර සමව බෙදුනත් එක් අයෙකුගේ කොටස වාර්ශිකව ඩොලර් 385,440කි. එනම් රුපියලේ අගය වශයෙන් රු. 150 ක් යයි සිතුවහොත් ඒ අනුව රු. 57,816,000කි. එය මාසිකව දල වශයෙන් රු. 4,818,000කි. ගල් අගුරු බලාගාරයකඅවශ්‍යතාව පිළිබඳ පින්තූරයේ ස්වභාවය මීටත් වඩා පැහැදිලි කිරීම අවශ්‍ය නොවේ යයි  සිතමි.

මෙගා වොටි 1200 ගල් අගුරු විදුලි නිෂ්පාදනයෙි පරිසර අනතුර කෙටියෙන්

අන්තර්ජාතික ප්‍රමිති තත්වයන්ට අනුව එම මට්ටමේ බලාගාර වාර්ශිකව කිලෝවොට් පැය බිලියන 8.4ක විදුලිබලයන් නිපදවිය හැකිය. ඒ අනුව එවැනි බලාගාරයකින් වසරකට සල්පර් ඩයොක්සයිඞ් වායුව ටොන් 24,000ක් සහ නයිටි්‍රජන් ඩයොක්සයිඞ් වායු ටොන් 24,000ක් නිකුත් වෙන අතර අම්ල වැසි සඳහා ප්‍රධාන ලෙස දායක වන්නේ මෙම වායුන්ය. එමගින් ජලාශ, භූගත ජලය, වනන්තර ගොවිබිම් සහ ගොඩනැගිලි හානියට පත් වෙයි. එසේම වසරකට කාබන් ඩයොක්සයිඞ් වායුව ටොන් මිලියන 8.88ක් පිටකරන අතර එය මහපොළවේ උෂ්ණත්වය වැඩි කිරිම හෙවත් හාරිතාගාර ආචරණයට ප්‍රධාන දායකයා වෙයි.

 එසේම අතිශය විෂ වායුවක් වන කාබන් මොනොක්සයිඞ් ටොන් 1,728 ක් වායු ගෝලයට එක් කරයි. ඊට අමතරව අලු ටොන් 300,000ක් (දිනකට එකකින්  ටොන් 200ක් පමණ) සහ විවිධ කුඩා අංශූන් ටොන් 1200ක් ද පරිසරයට පිට කරයි. මේ අපද්‍රව්‍ය අතර ජීවීන්ට අතිශය හානිකර ආසනික්, රසදිය, කැඞ්මියම් සහිත සංයෝගද පවතී. මේවායේ විශේෂත්වය වන්නේ ඒවා අතිශය සුළු ප්‍රමාණයක් පරිසරයට එක්වීම නිසා සියළුම ජීවීන්ට විශාල හානියක් කිරීමට හැකිවීමය. නිදසුනකට රසදිය තේ හැන්දකින් 1/70කින් කොටසක් අක්කර 25 ජලාශයක තැන්පත වූ විට එහි මසුන් ආහාරයට ගැනීම අන්තරාකාරී වේ. මෙම දත්ත ඇමරිකා එක්සත් ජනපදයේ දැඩි පරිසර තත්ව පලනයක් යටතේ පවතින් ගල් අඟරු බලාගාර හා හොඳ තත්වයේ ගල් අගූරු දහනය කිරීම ආශ්‍රීතව ලබා ගත් දතත් වේ. එසේ වූවත් අද ඇමරිකාවේ ප්‍රධාන වායු දූෂකයා ලෙස නම් කර ඇතතේ ගල් අඟුරු බලාගාරයි. Sources: (Union of Concerned Scientists, Environmental Defences, Americam Lung Association)

මීමෝ ගල් අගුරු හානිය හා නොරේචිවොලේ විනාශය

මී මෝ ගල් අඟුරු පතල 1960 දී සුළු පරිමාණයෙන් අරඹන ලද අතර 1980 දශකය වන විට එය තායිලන්තයේ විශාලතම ගල් අඟුරු පතල බවට පත්ව තිබුණි’ බලාගාරයේ දහන ක්‍රියාවලිය මඟින් වාර්ෂිකව සල්ෆර්ඩයෝක්සයිඞ් වායුව (මෙය වෙඩි බෙහෙත් ගඳ වායුවකි) ටොන්මිලියන 1.6 ක් වායුගෝලයට මුදා හරිනු ලබන අතර එමඟින් මීමෝ ප්‍රාන්තයේ ජනතාව තුළ දරුණු සෞඛ්‍ය ගැටළු රැසක් නිර්මාණයකොටතිබිණ.  කැස්ස, ඇදුම, හතිය, නිරතුරු ප්‍රතිශ්‍යාවල කදුළු ගැලීම සුලබ අත්දැකීමක් විය. එය කළාපය තුළ දේශගුණය වෙනස්කිරිමට ප්‍රධාන දායකත්වය දක්වමින් වාර්ෂිකව කාබන් ඩයොක්සයිඞ් වායු ටොන් 40,33,932 ක් වායු ගෝලයට එක්කරයි. අධික ලාභ ලැබෙන මෙම බලශක්ති නිෂ්පාදනයේ මුල්‍ය ආයෝජකයන් වන්නේ ආසියානු සංවර්ධන බැංකුව ප්‍රමුඛ කලාපයේ ධන කුවේර සාමාගම් කීපයකි. පසුගිය 20 වසර තුළදී ඩොලර් බිලියන 352 කට වඩා වැඩි මුදලක් මෙබදු ව්‍යාපෘති සඳහා ආයෝජනය කරනු ලැබ තිබේ.

තායිලන්ත ප්‍රජා නියෝජිතයන් කණ්ඩායමක් විසින් ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති හරුහින්කෝ කුරෝඩා වෙත ගල් අඟුරු මුට්ටියක් ප්‍රදානය කලේ බලාගාරයේ ප්‍රතිවිපාක ව්‍යපෘති අරඹා වසර 20ක් තුළදි එනම්ත 2006 ආරම්භය වන විට 30. 000 කට අධික මීමෝ ප්‍රාන්තයේ ජනතාව තම නිජබිම්වලින් ඉවත්කරනු ලැබ තිබිණි බව හැගවීමටය.   

උග්‍ර ස්වසන අබාධ නිසා ජිවත්වීමේ අයිතිය අහිමි වු දහස් ගණනක් ජනයා වෙනුවෙන් තායිලන්තය විදුලි උත්පාදක අධිකාරියට එරෙහිව වන්දි ඉල්ලා තායිලන්ත අධිකරණයේ නඩුකර 4ක් ගොනුකොට තිබිණි.  උග්‍ර විෂ සහිත සල්ෆර්ඩයොක්සයිඞ් අධි සාන්ද්‍රණීය නිසා 600 කට අධික පිරිසක් සුවකළ නොහැකි ස්වසන ආබාධ වලට ලක්ව සිටි අතර බලාගාරයෙන් නිරතුරු වා තලයට නිකුත් වූඅඟුරු දුවිලි, ප්‍රාන්තයේ ජලාශ හා ගංඟා සමග මුසුවිය.

සල්ෆර් ඩයොක්සයිඞ් වායුවේ ක්‍රියාව මඟින් සියලුම කුඹුරු විනාශ වී ගිය අතර පොළවට පතිතවන ජලය ආම්ලික වීම නිසා පස සරු කරන ක්‍ෂද්‍ර ජිවින් ද සියලුම මත්ස්‍ය විශේෂද විනාශ වෙමින් පැවතුණි. කුඩා මසුන් මත යැපෙන පක්‍ෂින් ද මේ නිසා වඳ වී ගොස් ඇත. තායිලන්තයට පමණක් ආවේණික පැළෑටි විශේෂ දහස් ගණනක් මේවන විට වඳවෙමින් පවතී.

ටිමොර්හි පරිසර ගැටළුව වඩාත් උග්‍ර තත්ත්වයට පත්වුයේ 1996 අප්‍රේල් – මැයි ගම්වාසීන් 6 දෙනෙක් මරණයට පත්විමත් සමඟිනි. 1999 මැද භාගයේදී 600 කට අධික ප්‍රමාණයක් ගැමියන් දරුණූ ලෙස රෝගාතුරව රෝහල් ගත කෙරිණි. 2002 වසරේ එළි දැක්වුණු ජගත් ග්‍රීන්පීස් පරිසර පර්යේෂණ වාර්තාවට අනුව මීමෝ ගල් අඟුරු බලාගාරය වසරකට පියාසර අළු (Fly ash ) මෙටි්‍රක් ටොන් 43,80,000 ක්ද නියුරොටොක්සින් මකරි  (Neurotoxin Mercury) මෙටි්‍රක් ටොන් 39 ක්ද ,පරිසරයටමුද්‍ර හරිනු ලැබ ඇති බවයි. අළු සාම්පල පරික්‍ෂාවට ලක් කිරීමේදි සොයා ගන්නා ලද්දේ ආසනික් හා රසදිය සංයෝග නැවුම් පසෙහි අඩංගු ප්‍රමාණය මෙන් 14 ගුණයක් එහි අඩංගු බවයි.

 මෙබදු සැර ප්‍රමාණයකින් රසදිය සංයෝග පරිසරයට එක්විම භයානක තත්ත්වයකි. මක් නිසාදයත් රසදිය සංයෝග රසායනික විද්‍යාවේදි උග්‍ර විෂ දෙයක් ලෙස සලකන බැවිනි. පසෙහිද මිරිදියෙහිද කරදියෙහිද බහුල ස්වාභාවික ක්‍ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්ව විසින් සුළඟේ පාව එන ගල් අඟුරු අළුවල අඩංගු අකාබනික රසදිය සංයෝග මෙතිල් මකරි වැනි කාබනික සංයෝග බවට හරවනු ලබයි.

මෙහිදී ම’කරි මිනිසාට මෙන්ම සතුන්ටද මාරක විෂකි. එය ඉතා ක්‍ෂණිකව ආහාර දාම ඔස්සේ ශරීරගත වී බලගතු ස්නායු අක්‍රියතා ඇති කරවයි.

නොරේචිචොලේ ලක් විජය ගල් අගුරු බලාගාරය ආරමිභයේදී පටන් විශාල විරෝධයක් නැගුනේ ජනතාවගේ ඉඩමි අහිමි වීම , පරිසර විනාශය හා සෙඛ්‍ය ගැටලු යන ප්‍රධාන කාරණ තුනත් පරිසර හිතකාමි බලශක්ති ප්‍රභවයන් වෙත දූපත් රාජ්‍යක් ලෙස අප යොමු වීමෙි වැදගත් කමත් පෙන්වා දෙමින්ය  නමුත් දෙදහස් හත වර්ෂයේ සිට පැවති ජනතා විරෝධයන් නොතකා ඉදිකල මෙම තාප විදුලි  බලාගාරය නිසා  කල්පිටිය   ප්‍රදේශයේ දැවැනත් පරිසරික හා සෙඛ්‍ය හානි සිදුවී ඇත. විශේෂයෙන්ම  මෙම ගල් අගුරු බලාගාරයෙන්  පිටකරන උණුසුමි ජලය කෙලින්ම එක්කරන්නේ කල්පිටිය මුහුදු තීරයටයි එම නිසා වරින් වර මහුදු ජීවීන් විනාශ වීයාම විටින් විට වාර්ථා වූ අතර මෙමගින් පිටකරන  අඵ නිසා ප්‍රදේශයේ වාතය හුස්ම ගැනිමට අපහසු තරමි දූෂනය වි ඇත.

 කල්පිටිය ප්‍රදේශයේ සිදුකල ශේෂ්ත්‍ර ගවෙිශණ වලිදී අපට දැකගත හැකි වූයේ ගල් අගුර දහනයෙන් නික්මෙන අඵ ප්‍රදේශය පුර වගාබිම වල හා විවෘත ජල භූමි වල තැන්පත් වී ඇති ආකරයයි ඒවා ඇතැමි නිවාස වල වහල මතද දකින්නට ඇත. ලූණු වගා බිමිවල හා අනෙකුත් වගාවන්ට එක්වන විෂ අනුභව කරන්නේ කල්පිටියේ මිනුසුන් පමණක් නොව එය රට පුරාම බෙදා හැරේ . සූළග සමග මුසවන විෂවායු හා මෙම අඵ අඩුම කිලෝ මීටර්  සියයක් වති දුරට පතිත වන බව  අපිරිසිදු ගල් අගුරු යන හිසින් ලියන ලද පර්යේෂණ පත්‍රකාවල සදහන්වෙි ඒ අනුව එය ශ්‍රීමා බොධිය විනාශ වී යාමට හේතුවෙි . මෙම හේතු නිසාම  ලක් විජය ගල් අගුරු බලාගාරය තවදුරටත් ක්‍රියාත්මක වන්නේ ජාතික පාරිසරික පනතේ විධි විදාන සියල්ල උල්ලංඝනය කරමිනි.

දේශපාලන උවමනාවන් මත මධ්‍යම පරිසර අධිකාරිය චුන්නාකමි සිද්ධියේදි මෙන්  පෙනි සිටින්නෙ පරිසරය හෝ ජන සමාජය වෙනුවෙන් නොව මෙහිදීත් මෙම දූෂිත ගල් අගුරු බලාගාරය වෙනුවෙන් වීම නිසා  නවතා දැමිය යුතු ගල් අගුරු බලාගාරයක් වෙනුවට තවත් ගල් අගුර බලා ගාර ඉදිකිරිමට අවසර  ගැනීම රජය විසින් මෙි මොහෙත වන විට සිදු කර ඇත.

මෙතරමි ස්භාවික සුළං මුහුදු රළ හා හිරු එළිය භාවිතා කර මෙම කූඩා දූපත් රාජ්‍යක් වන ලංකාවට විදුලිය නිෂ්පාදය කර අඩු මුදලට ලබාදීමට හැකිය තිබියදි ලොව ඉවත් කරන ගල් අගුරු බලගාර ඉදිකොට පරිසරය සතා සිවිපාවාමෙන්ම ජන සමාජය විනාශ කරන්නේද ගල් අගුරු වලින් ලැබෙින ඉහත පෙන්වා දුන් කොමිස් මුදල් වෙනුවෙන් නේවෙිද .

Recommended For You

About the Author: Editor