

ඊයේ (29) පාකිස්ථානය – ඇෆ්ගනිස්ථානය සහ නවසීලන්තය – ඔස්ටේ්රලියාව අතර පැවැති තරග ද්විත්වයෙන් පාකිස්ථානය සහ ඔස්ටේ්රලියාව ජයග්රහණය කිරීම සමග ජූනි 29 වැනි දිනට අදාළ ප්රසාද ලකුණු සටහන පහත දැක්වෙනවා.
ඒ අනුව තරග 7/6ක් ලෙස ප්රසාද ලකුණු 12ක් දිනා ඇති ඔස්ටේ්රලියාව පළමු ස්ථානයේ ද, මේ දක්වා අපරාජිත ලෙස 6/5ක් ලෙස (එක් තරගයක් වැස්සට සේදීගියා) ප්රසාල ලකුණු 11ක් දිනා ඇති ඉන්දියාව 2වැනි ස්ථානයේ ද සිටිනවා.
මුලදී අපරාජිතව සිටි නවසීලන්තය ඊයේ ඔස්ටේ්රලියාව හමුවේ ලද පරාජයෙන් පසුව 7/5ක් ලෙස ලකුණු 11ක් දිනා ගෙන 03 වැනි ස්ථානයේ පසුවෙනවා.
ඊයේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව ලද තියණු ජයග්රහණය සමග 8/4ක් ලෙස ප්රසාද ලකුණු 09ක් දිනා ගෙන සිටින පාකිස්ථානය 04 වැනි ස්ථානයේ සිටින අතර සත්කාරක එංගලන්තය 7/4ක් ලෙස ප්රසාද ලකුණු 08ක් සහිතව 05 වැනි ස්ථානයේත්, බංග්ලාදේශය 7/3ක් ලෙස ප්රසාද ලකුණු 07ක් සහිතව 06 වැනි ස්ථානයේත් සිටිනවා.
ශ්රී ලංකා කණ්ඩායම 7/2ක් ලෙස ප්රසාද ලකුණු 06ක් සහිතව 07 වැනි ස්ථානයේ සිටිනවා.
දකුණු අප්රිකාව 08, බටහිර ඉන්දිය කොදෙව් 09, සහ ඇෆ්ගනිස්ථානය 10 වැනි ස්ථානයේ පසු වෙනවා.
අද (30) 05 වැනි ස්ථානයේ සිටින එංගලන්තය සහ 02 වැනි ස්ථානයේ අපරාජිතව සිටින ඉන්දියාව අතර තරගය බර්මින්හැම් හිදී පැවැත්වීමට නියමිතයි.