
ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව හෙට (01) දින බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතුව තිබුණද නවීන තාක්ෂණයෙන් එය සකස් කිරීමට මාස 03ක් ගතවන බැවින් අද දින ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් කොමිසමේ සභාපති ජනක මල්ලවආරච්චි මහතා සඳහන් කළේය.
නව ගාස්තු සංශෝධනය තවත් මාස 03කට පසු ප්‍රකාශයට පත්වන බවකී සභාපතිවරයා එහිදී පිරිවැය 12ක් පිළිබඳ සලකා බලා අදාළ ගාස්තු සංශෝධනය සිදුවන බව ද පැවසීය.
මොරටුව විශ්වවිද්‍යාලය හරහා සකස් කළ යෙදුමක් (ඇප්) මගින් මාර්ග 100ක ගාස්තු ඇතුළත් කර අදාළ කටයුත්ත සිදුවන බවත්, මේ හරහා සියලු දෙනාට සාධාරණයක් සිදුවන බවත් සභාපතිවරයා වැඩි දුරටත් පවසා සිටියේය.