
උසස් පෙළ පන්ති පැවැත්වෙන සෑම පාසලකටම පරිගණක සහ ටැබ් යන්ත්‍ර ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද තණමල්විලදී ප්‍රකාශ කළා. එහිදී අගමැතිවරයා සඳහන් කළේ 13 වසරක අනිවාර්ය අධ්‍යාපනය, පුහුණු ගුරුවරුන් බඳවා ගැනීම හා නව විෂයන් හදුන්වාදීම ආදිය තුළින් අධ්‍යාපනයේ පරිවර්ථයක් සිදු කිරීමට වත්මන් රජයට හැකියාවක් ලැබුණ බවයි.
තණමල්විල ජාතික පාසලේ නව තාක්ෂණික විද්‍යා පීඨය සහ පරිපාලන සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය අමතමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළා. උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම සම්බන්ධයෙන් අද (01*නිවේදනයක් නිකුත් කළ ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය ජාතික පාසල්වල නියමු ව්‍යාපෘතියක් පමණක් බව ජනපතිවරයා විසින් සඳහන් කළ බවයි.