
ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන අධිකාරිය සහ තායිලන්තයේ සංචාරක අධිකාරිය අතර නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත.
දෙරට අතර සංචාරකයින් ප්රවර්ධනය කර ගැනීමට කිරීමේ අරමුණින් මෙලෙස ගිවිසුමකට එළැඹි බව සංචාරක ප්රවර්ධන අධිකාරිය සඳහන් කරයි.
ශ්රී ලාංකික සංචාරකයින්ට තායිලන්තයේ බෞද්ධ සිද්ධස්ථාන වැඳපුදා ගැනීමට යාමට පහසුකම් සැලසීමත් තායිලන්ත සංචාරකයින්ට මෙරට සිද්ධස්ථාන වන්දනාව සඳහා පහසුකම් සැපයීම මෙම ගිවිසුම හරහා සිදු කෙරෙන බවද වැඩි දුරටත් සඳහන් වේ.