
ඇමෙරිකාව ශ්රී ලංකාවේ ස්වෛරීභාවයට සම්පූර්ණයෙන් ගරු කරන බවත් යෝජිත ‘‘සෝෆා’’ ගිවිසුමේ එකම අරමුණ සහයෝගය සැපයීම පමණක් බවත් ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මි ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් අවධාරණය කළාය.
එහි මෙසේ සඳහන් වේ.
‘‘මේවා වැරැදි තොරතුරු. ශ්රී ලංකාව තුළ ඇමෙරිකානු කඳවුරක් ස්ථාපිත කිරීමට කිසිදු සැලැසුමක් හෝ වුවමනාවක් නැහැ. සාකච්ඡා පැවැත්වෙන මෙම යෝජිත ගිවිසුමේ එකම අරමුණ සහයෝගය සැපයීම පමණයි. ඒ වගේම ගිවිසුමෙන් ශ්රී ලංකාවේ ස්වෛරීභාවයට සම්පූර්ණයෙන් ගරු කරනවා’’