බෙංගාලි ව්‍යාඝ‍්‍රයෝ දෙලොවක් අතර

පසුගිය දා එංගලන්තය හමුවේ අපරාජිකත්වයේ කිරුළු අහිමිකර ගත් ඉන්දියාව අද (2) තම අසල්වැසි බංග්ලාදේශය සමග බර්මින්හැම්හිදී තරග වඳිනවා.

කොහොමටත් සුපිරි, වර්ණවත් ඉන්දියාව මේ වන විට ප‍්‍රසාල ලකුණු 11ක් දිනාගෙන ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවෙනවා. ඔවුන් හමුවේ තම තිබෙන්නේ අද බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගය සහ ලබන 06 වැනිදා ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගය පමණයි.

ඒත් බංග්ලාදේශය මෙවර ලෝක කුසලානයේ වර්ණවත් කණ්ඩායමක් වුවත් තවම අවසන් පූර්ව වටයට ළඟා වෙලා නැහැත ඔවුන් එංගලන්තයට සහ පාකිස්ථානය පසුපසින් තමයි සිටිනේනේ. ඒ ප‍්‍රසාද ලකුණු 07ක් පමණක් අතැතිවයි. ඔවුන් හමුවේ ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය ඉන්නවා. එම කණ්ඩායම් දෙකම බංග්ලාදේශයට දැවැන්ත අභියෝගයක් එල්ල කළ හැකියි. ඒ නිසා අද තරගය බෙංගාලි ව්‍යාඝ‍්‍රයින්ට අතිෂයින් වැදගත් වෙනවා. ඒ ඔවුන් අද තරගයෙන් පරාජයට පත් වුවහොත් අවසන් පූර්ව වටය ගැන බලාපොරොත්තු එතැනින්ම අත්හැරීමට සිදුවෙනවා.

ඒත් අද තරගයත් ජයගෙන ඇෆ්ගන් තරගයත් ජයගතහොත් අවසන් පූර්ව වටයට යාමට පුළුවන්කම ලැබෙනවා. ඒත් ඒ සීමාවකට යටත්වයි. ඒ එංගලන්තය සහ ඔස්ටේ‍්‍රලියාව අතර තරගයෙන් එංගලන්තය ජයග‍්‍රහණය කළහොත් ඉන්දිය-ඇෆ්ගන් තරග දෙකම ජය ගත්තත් බෙංගාලි ව්‍යාඝ‍්‍රයින්ගේ ගමන අවසන් වෙනවා.

Recommended For You

About the Author: Editor