මුම්බායි ඇතුළු ප‍්‍රදේශ රැසකට අධික වැසි: ගුවන් ගමන් 54ක් අවලංගුයි

ඉන්දියාවේ මුබ්බායි ඇතුළු ප‍්‍රදේශ රැසකට බලපා ඇති අධික වර්ෂාපතනයත් සමග ගුවන් ගමන්වාර 52ක් අවලංගු කළ බව දිල්ලි ගුවන් තොටුපොළ බලධාරීන් තවත් ගුවන් යානා 54ක් ආපසු හරවා යවා යැවීමට පියවර ගත් බව සඳහන් කරනවා.

ප‍්‍රදේශ රැසකට අධික වර්ෂාවත් සමග අයහපත් කාලගුණ තත්වයක් පවතින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

තද සුළං සහ දූවිලි සහිත තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන්වලට බාධා එල්ල වී තිබෙන අතර මගීන් විශාල පිරිසක් දිල්ලි ගුවන් තොටුපොළේ රැඳීසිටින බව ද ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.

මේ අතර දශකයකට පසු පැය 24ක් ඇතුළත ඇති වූ දරුණුතම වර්ෂාපතනයට ඉන්දිවේ මුම්බායි නගරය ඊයේ මුහුණ දුන්නා. ඒ සමග ඇති වූ ගංවතුර හා ගොඩනැගිලි කඩා වැටීම් හේතුවෙන් මුම්බායි නගරයේ පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

Recommended For You

About the Author: Editor