
අද (2) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු මහතා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් හෙට (3) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරිය නියෝග කළාය.
මේ පිළිබඳව හෙට දින කරුණු වාර්තා කරන ලෙස ඇය හේමසිරි ප්රනාන්දු මහතාගේ නීතිඥවරුන්ට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නියම කළාය