
මේ වන විට අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අසනීප තත්ත්වයෙන් නාරහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
පූජිත් ජයසුන්දර මහතාට පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සඳහා අද (2) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. මේ සමග අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු මහතා ද කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව සිටින බව වාර්තා වෙනවා.