
‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතිය යටතේ පාසල් ගොඩනැගිලි 250ක් එකම දිනකදී සිසු අයිතියට පත් කිරීමේ ප්‍රධාන උත්සවය හෙට (4) පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථාවට එක්වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.