
ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ මහා මංගල්‍යය අද (03) සිට ආරම්භ වන අතර රාත්‍රි 7.30ට යෙදෙන නැකතින් මඟුල් පෙරහැර වීදි සංචාරය කරන බව කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන පී. රත්නායක මහතා සඳහන් කරයි.
මැද වීදියෙන් වල්ලි අම්මා දේවාලයට පැමිණෙන පෙරහැර එහි තේවාවෙන් අනතුරුව යළි මැද වීදිය ඔස්සේ දේවාලයට ගෙවදිමට නියමිත අතර රාත්‍රි 11 පමණ වනවිට පළමු මහ පෙරහැර අවසන් වේ.