
ජනපතිවරයා විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිවුදෙනකුට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න මහතා විසින් ගොනුකළ රීට් පෙත්සමේ වැඩිදුර විභාගය හෙට (04)දිනට කල් තැබීමට අභියාචනාධිකරණය අද (3) තීන්දු කළා.
මෙම රීට් පෙත්සම විභාග කිරීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (02) තීන්දු කළා. ඒ අනුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර, දීපාලි විජේසුන්දර, ජනක්ද සිල්වා සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මින් එම විනිසුරු මඩුල්ලට පත්කළා.