
බස්නාහිර පළාත් දකුණ රථ වාහන කොට්ඨාශය නමින් නව කොට්ඨාශයක් පිහිටුවීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසනවා. පවතින දැඩි රථ වාහන තදබදය අවම කිරීම මෙහි අරමුණ බවයි ගුණසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේ.
රථ වාහන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පාලනය යටතේ මෙම කොට්ඨාශය පිහිටුවීමට නියමිතයි.