
මෙරට තුළ මානසික සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් ලෙස මානසික ප්‍රතිකාර ඒකක සංකීර්ණ දෙකක් ඉදිකිරීමට අනුමැතිය ඉල්ලා සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ඊයේ (2) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව මහනුවර ශික්ෂණ රෝහලේ හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ නව මානසික ප්‍රතිකාර ඒකක සංකීර්ණ ඉදිකෙරන බවයි වාර්තා වන්නේ.
මෙරට ජනගහණයෙන් සියයට 10ක් පමණ කිසියම් මානසික රෝගයකින් පෙලළන බවට හඳුනාගෙන ඇති අතර ඔවුන් අතරින් සියයට 40ක් පමණක් ප්‍රතිකාර ලබාගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.