
මෙම වසරේ පළමු මාස හය තුළ මාරක රිය අනතුරු 1281ක් වාර්තා වී තිබෙන බවත් ඉන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 1374ක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශ රුවන් ගුණසේකර මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී හෙළි කළා. එහෙත් පසුගිය වසරට සාපේක්ෂව මාරක රිය අනතුරු සංඛ්‍යාව 271 කින් අඩු වී ඇති අතර පුද්ගල මරණ සංඛ්‍යාව 258 කින් අඩුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේ.