
ලිබියාවේ සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් 40 දෙනකුට වැඩි පිරිසක් මරණයට පත් වී 80 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.
ඔවුන් සඳහන් කරන්නේ මිය ගිය අය අතරින් වැඩි පිරිස ඇෆ්ගනිස්ථාන සංක්‍රමණිකයන් බවයි. මොවුන් යුරෝපය බලා සංක්‍රමණය වීමට සූදානමින් සිටි පිරිසක් බවයි වාර්තාවල සඳහන් වන්නේ. යුරෝපය බලා සංක්‍රමණය වන අනවසර සංක්රමණිකයින්ගේ ජනප්‍රිය නැවතුම්පොළක් බවට ලිබියාව පත්ව තිබෙනවා.