වාසනාවන්තයින් නොව අති දක්ෂයින් අවසන් පූර්ව වටයට යන හැඩ

‘ලිහන්න තියෙන මල්ල ඔබලා බලන්න එපා’ කියලා අපි කිව්වත් අපි කවුරුත් කැමතියි මල්ල ඔබලා හරි බලන්න. ඒ අපේ හිතේ තියෙන කුතුහලය නිසයි.

මේ කුතුහලය දැන් දැන් අපි ලෝක කුසලානය සම්බන්ධයෙන් ද ක‍්‍රියාත්මක කරනවා. ගණන් හදලා බලනවා. අරහෙම වුණොත් මෙහෙම වෙයි කියලා කියනවා. ඒ නිසා අදත් ශ‍්‍රී ලාංකික අපිට හිතෙන්නේ ශ‍්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව තරයගට ඇවිත් අන්තිමේදී ලෝක කුසලානෙත් අරන් කටුනායකින් මව්බිමට ගොඩබහින්න පුළුවන් කියලා.

ඒ කොහොම වුණත් ඊයේ (2) ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැති තරගයෙන් පස්සේ බොහෝ දේවල් නිරාකරණය වෙලා වාගේ පේන්න තියෙනවා. ඒ අවසන් පූර්ව වටයට යන කණ්ඩායම් 4/3ක් දැන් තහවුරු වෙලා තියෙනවා.

පහත සඳහන්, ඊයේ වන විට ප‍්‍රසාද ලකුණු සටහන අනුව තත්ත්වය පැහැදිලි කරගත හැකියි. මේ ප‍්‍රසාද ලකුණු සටහනට අනුව මේ වන විට සියලූම කණ්ඩායම් තරග 08 බැගින් කී‍්‍රඩා කරලා තිබෙනවා. ඒ අනුව වැඩිම තරග සංඛ්‍යාවක් ජයග‍්‍රහණය කරලා තියෙන්නේ 8/7ක් ලෙස ඔස්ටේ‍්‍රලියාවයි. ඔවුන් එක් තරගයක් පමණක් පරාජයට පත්වෙලා ප‍්‍රසාද ලකුණු 14ක් දිනා ගෙන තිබෙනවා. දළ ලකුණු වේගය 1.000ක්.

දෙවැනි තැන සිටින ඉන්දියාව 8/6ක් ලෙස තරග ජයග‍්‍රහණය කර ඇති අතර 01පරාජයක් සහ 01ක් විසඳුමක් නැති තරග බවට පත්ව තිබෙනවා. ඔවුන් හමුවේ ඇති ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 13ක් වන අතර දළ ලකුණු වේගය 0. 811ක්.

තෙවැනි තැන ඉන්නේ නවසීලන්තය ඒ 8/5ක් ලෙසයි. ඔවුන් තරග 02ක් පරාජයට පත්ව ඇති අතර 01ක් වැස්සට සේදී ගියා. ඒ අනුව ප‍්‍රසාද ලකුණු 11ක් සහ දළ ලකුණු වේගය 0.572ක් ඔවුන් හමුවේ තිබෙනවා.

මේ වන විට අවසන් පූර්ව වටයට තරගය තිබෙන්නේ සිවුවන ස්ථානයේ පසුවන එංගලන්තය සහ පාකිස්ථානය අතර බව පෙනී යන්නේ. එංගලන්තය 8/5ක් ලෙස ප‍්‍රසාද ලකුණු 10ක් සහ දළ ලකුණු වේගය 1.000ක් රඳවා ගෙන සිටිනවා. ඔවුන් තරග 03ක් පරාජයට පත්ව තිබෙනවා.
පාකිස්ථානය 8/4ක් ලෙස ප‍්‍රසාද ලකුණු 09ක් සහ දළ ලකුණු වේගය – 0.792ක් රඳවා ගෙන තිබෙන අතර පාරාජයන් 3ක් සහ වැස්සට සේදී ගිය 01ක් ලෙස තිබෙනවා.

ශ‍්‍රී ලංකා 06 වැනි ස්ථානයේ සිටින අතර 8/3ක් ලෙස ප‍්‍රසාද ලකුණු 08ක් සහ දළ ලකුණු වේගය – 0.934ක් වාර්තා කර තිබෙනවා. ශ‍්‍රී ලංකාව තරග 03ක් පරාජයට පත්ව ඇති අතර වැස්සට සේදී ගිය තරග ගණන 02ක්. ශ‍්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරගය 06 වැනිදා ඉන්දියාව සමග පැවැත්වීමට නියමිතයි. එහිදී ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය තමන්ගේ ස්ථාන හුවමාරු කර ගනියි කියලා සිතන්න කරුණු තියෙනවා.

ගුණාත්මකව ගත්විට 07 වැනි ස්ථානයේ සිටින බංග්ලාදේශය 8/3ක් ලෙස තරග ජයග‍්‍රහණය කර ප‍්‍රසාද ලකුණු 07ක් ලබාගෙන දළ ලකුණු වේගය -0.195ක් ලෙස රඳවා ගෙන සිටිනවා. ඔවුන් තරග 03ක් පරාජයට පත්ව ඇති අතර ලංකාව සමග පැවැති තරගය වැස්සට සේදී ගියා. ඔවුන් ඉදිරියේදී ඇෆ්ගනිස්ථානය සමග තරග වැඳීමට නියමිත අතර එය ජයග‍්‍රහණය කරනු ඇතැයි විශ්වාස කළ හැකියි. ඒ අනුව බංග්ලාදේශය පහසුවෙන් 06 වැනි තැනට පත්වනු ඇතැයි සිතිය හැකියි.

ප‍්‍රසාද ලකුණු සටහනේ 08 වැනි තැන ප‍්‍රබල එහෙත් අවාසනාවන්ත දකුණු අප‍්‍රිකාවත් 09 වැනි තැන සුපිරියැයි කියන බටහිර ඉන්දිය කොදෙව් සහ 10 වැනි තැන අතිශූර නවක ඇෆ්ගනිස්ථානයත් හිමිකම් කියනවා.

මේ සමග අනාවැකි කියන්න යන්න මම කැමැති නැහැ. ඒත් වාසනාවන්තයින් නොව අති දක්ෂයින්ම ජයග‍්‍රහණය කරනු ඇතැයි මම ප‍්‍රාර්ථනා කරනවා.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor