
ජුලි මස 05 වැනිදා සිට මාසය කාලයක් කොළඹ සහ තදාසන්න නගර ආශ්රිත ප්‍රදේශවල බීමත් බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද (3) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.
ඒ අනුව එම ප්‍රදේශවල පොලිස් මුර සංචාරල සෝදිසි මෙහෙයුම් සිදු කරන අතර සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරින් ද ඒ සඳහා යෙදවීමට නියමිත බවයි ගුණසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේ.