
රුහුණු කතරගම ඇසළ මහ පෙරහැරට සහභාගී වීම සඳහා කතරගම බලා පාගමනින් එන හින්දු බැතිමතුන් 19,373 දෙනෙක් පසුගිය දින 08 ඇතුළත කුමන ජාතික උද්‍යානය හරහා ඇතුල් වී ඇති උද්‍යාන භාරකරුවෝ පවසති.
පසුගිය ජූනි 27 දින පාද යාත්‍රාවේ එන බැතිමතුන්ට ඇතුල්වීමට කුමන වනෝද්‍යානයේ ගේට්ටු විවෘත කරනු ලැබූ අතර මුල් දින හය තුළ බැතිමතුන් 8848 ක් ඇතුල් වී තිබූ බව ද කුමන වනෝද්‍යානයේ පිවිසුමේ ඕකන්දේ පිහිටි මරුගන් දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍යයයේ පළමු දිනය 03 වැනිදා යෙදී තිබුණ අතර එදින බැතිමතුන් 8253ක් කතරගම බලා පැමිණීමට ඇතුල්වී තිබූ බව ද උද්‍යාන භාරකරුවෝ සඳහන් කරති.
අද (04) සවස 03.00 ට කුමන පිවිසම් ගේට්ටුව වසන අවස්ථාව වනවිට එදිනට 2672ක් අතුල් වී සිටි බව ද ඔවුහු වැඩි දුරටත් සඳහන් කළ අතර ලබන 09 වැනිදා සවස 03.00 වන තෙක් කුමන වනෝද්‍යානයෙන් පාද යාත්‍රාවේ එන බැතිමතුන්ට ඇතුල්වීමට අවස්ථාව සලසා ඇති බව ද සඳහන් කළහ.