කොදෙව්වන් ජයග‍්‍රහණය කළත් වැඩි ගෞරවය ඇෆ්ගන් පිළට

ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ 42 වැනි තරගය ලෙස බටහිර ඉන්දිය කොදෙව් සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැති ලීඞ්ස් හි දී පැවැති තරගයෙන් ලකුණු 23ක තියුණු ජයග‍්‍රහණයක් ලබා ගැනීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වුණා. ඒ සමග කොදෙව් කණ්ඩායමේ ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 05 දක්වා ඉහළ ගියා.

පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුළු 6ක් දැවී ලකුණු 311ක් රැස් කළා. Shai Hope 77/92, Nicholas Pooran 58/43, Evin Lewis 58/76 වශයෙන් වාර්තා කළා.

ඇෆ්ගනිස්ථනය වෙනුවෙන් පන්දු යැවූ Dawlat Zadranලකුණු 73කට කඩුළු 2ක් දවා ගත්තා.

කොදෙව් කණ්ඩායම විසින් ලබා දුන් ලකුණු 311ක ඉලක්කය හඹා ගිය ඇෆ්ගන් ක‍්‍රීඩකයින්ට නියමිත පන්දුවාර 50 තුළදී සියලූ දෙනාම දැවී ලබාගත හැකි වුණේ ලකුණු 288ක් පමණයි. ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් Ikram Ali Khil 86/93,Rahmat Shah 62/78 බැගින් ලකුණු වාර්තා කළා. පන්දු යැවීමෙන් කොදෙව් කණ්ඩායමේ Carlos Brathwaite 63/4ක් ද Kemar Roach 37/3ක් ද ලබා ගත්තා.

මෙම තරගයේදීත් ඇෆ්ගන් ක‍්‍රීඩකයින් දැක්වූ හඹා යාම බොහෝ දෙනාගේ ප‍්‍රශංසාවට ලක් වුණා

Recommended For You

About the Author: Editor