බ්‍රිතාන්‍ය ගායිකා ජොස් ස්ටෝන් ඉරානයෙන් පිටුවහල් කරයි

ජනප‍්‍රිය බ්‍රිතාන්‍ය ගායිකා ජොස් ස්ටෝන් ඉරානයෙන් පිටුවහල් කිරීමට ඉරාන බලධාරීන් පියවර ගැනීම ගැන ජාත්‍යන්තර මාධ්‍ය අවධානය යොමුව තිබෙනවා.

ජොස් ස්ටෝන් ඇතුළු පිරිස ඉරානයට පැමිණි අවස්ථාවේදී එහි රඳවාගෙන පසුව පිටුවහල් කළ බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් සිය ඉන්ස්ටර්ග‍්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් ජොස් ස්ටෝන් ප‍්‍රකාශ කළේ තමන් ඉරානයට පැමිණියේ ගායනය වෙනුවෙන් නොව ඉරානය දැකබලා ගැනීම සඳහා බවයි. ඉරාන බලධාරීන් තමන්ව අසාදු ලේඛන ලැයිස්තුවට ඇතුළත් කිරීම පිළිබඳව තමන් බලවත් සේ කණගාටුවන බව ද ජොස් ස්ටෝන් එහි සඳහන් කර තිබෙනවා.

දැඩි ඉස්ලාම් මූලධර්මවාදී රාජ්‍යයක් වන ඉරානය තුළ කාන්තා ඒකල ගායනය තහනම් බව මේ පිළිබඳ පසුසටහනක් තබමින් විදෙස් මාධ්‍ය සඳහන් කළා. මීට සති කිහිපයකට පෙර ඉරාන බලධාරීන් එරට අවන්හල්වල සංගීතය සම්බන්ධයෙන් දැඩි පියවර ගත්තා.

Recommended For You

About the Author: Editor