මාධ්‍ය සාකච්ඡා SLPP : 19 වැනි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්නවත් ජනපතිට සාදාචාරාත්මක අයිතියක් නෑ – රමේෂ් පතිරණ

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණේ 2015 මැයි මස නෙවෙයි 2017 මැයි මාසය කියලා අපි උපකල්පනය කළොත් මේ ජනාධිපතිවරයා ගේ ධුර කාලය අවුරුදු පහ නම් එතැන් සිට අවුරුදු පහක් කියන්නේ 2022 දක්වා කාලයක්  ජනාධිපති ධූරයේ සිටිනවා. එවැනි දෙයකටයි මේ උත්සාහ කරන්නේ. 

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමටවත් ජනාධිපතිවරයාට සදාචාර සම්පන්න අයිතියක් නැති බවත් ජනපතිවරයාගේ ධූර කාලය ආරම්භ වන්නේ 2015 ජනවාරි මාසේ නව වැනිදා සිට බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රමේෂ් පතිරණ මහතා කියයි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ අද (4) පැවැති මාධ්‍ය හමුවේදී රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රමේෂ් පතිරණ මහතා,

රටෙි අරාජික දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් කරුණු කිහිපයක් කියන්න අපි බලාපොරොත්තු වෙනවා. හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසුව අධිකරණ හමුවේ ඉදිරිපත් කරපු කරුණු කාරණා හරහා රටේ ආරක්ෂාව පුදුම සහගත ලෙස අරාජික තත්ත්වයකට පත්ව  තිබෙන බව පෙනී යනවා.

දැනට වාර්තා වන කරුණු වලට අනුව රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියා සහ ජාතික බුද්ධි අංශ ප‍්‍රධානියා යන සෑම කෙනෙක්ම මාසයේ මුල සති තුන තුළ අඛණ්ඩව රටට ඇති වෙලා තිබෙන ආරක්ෂක ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාට, පොලිස්පතිවරයාට දැනුම් දීලා තිබෙනවා. බෝම්බ ප‍්‍රහාරයට වගකිව යුතු පුද්ගලයින් පිළිබදවත් නම් සහ ගම් වශයෙන්  සියලූ තොරතුරු වාර්තා වී තිබෙන පසුබිමක කිසිවෙක් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන නැහැ. නැවත නැවතත් අපි‍්‍රයෙල් 17,18, 19, 20 යන දිනයන්හිදීත් ජාතික බුද්ධි අංශ ප‍්‍රධානියා විසින් ආරක්ෂක ලේකම්වරයාට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම් කර තිබෙනවා. නමුත් රටේත්, මියගිය අයගේත් අවාසනාවට මේ කිසිදු තොරතුරක් පැහැදිලිව සම්පේ‍්‍රෂණය කර, ප‍්‍රහාර වළක්වා ගැනීම හෝ  මනුස්ස ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කිසිදු සාධනීය කටයුත්තක් සිදුවෙලා නැති බව කණගාටුවෙන් සඳහන් කරනවා.

විශේෂයෙන් පොලිස්පතිවරයා තමුන්ට ලද තොරතුරු, තවුහිත් ජමාත් සංවිධානයේ කටයුතු ඉහළ මට්ටමින් කි‍්‍රයාත්මක වූ නැගෙනහිර පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට හෝ දැනුම් දෙන්න කටයුතු කරලා නැහැ. නැගෙනහිර නියෝජ්‍ය පොලිස්පතිවරයාට මේ සම්බන්ධයෙන් දැනුම් දුන්නා නම් මේ ඛේදවාචකය වළක්වා ගැනීමේ හැකියාව තිබුණා.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හරහා  කවුරු  නිර්දෝෂි කරන්න උත්සාහ කළත් බොහොම පැහැදිලිව පේනවා මේ ඛේදවාචකයට සෘජුව වගකිව යුතු නිළධාරීන් මෙන්ම දේශපාලන නායකයින් ද සිටින බව. ඒ් නිසා හිටපු පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයාට විරුද්ධව පමණක් කටයුතු කර තේරුමක් නැහැ. මේ හා සම්බන්ධ දේශපාලන නායකත්වයන් ට එරෙහි ව පියවර ගත යුතුයි.

ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු රට පාලනය කරන දෙපිරිසම මේ ප‍්‍රහාරය පිළිබඳව දැනුවත්ව සිිටි බව දැන් පැහැදිලි වෙනවා. මේ සම්බන්ධයෙන් සම්පූර්ණ කරුණු පැහැදිලි කිරීමක් කිරීමේ වගකීම ජනාධිපතිවරයා සතු යි.

ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිසමේ වාර්තාව තවම පාර්ලිමේන්තුවට හෝ ජනතාවට ඉදිරිපත් කළේ නැහැ. එය දිනෙන් දින කල් ගත වෙන නිසා මේ කොමිෂන් සබා වාර්තාවෙනුත් ජනාධිපතිවරයා මේ කරුණු සම්බන්ධයෙන් පැහැදිලිව දැන සිට නො සැලකිල්ලෙන් කටයුතු කළ බව තහවුරු වෙනවා නිසාද කියන සැකය අපට ඇති වෙනවා. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් දැනුවත් කළ බව රටේ ආරක්ෂක ලේකම්වරයා සදහන්  කරනවා නම්, රටේ රාජ්‍ය නායකයා ඇතුළු ප‍්‍රධාන පිරිස් මේ සිද්ධිය සම්බන්ධයෙන් දැන සිටි බව විශ්වාසයි.

මේ සිද්ධිය සම්බන්ධයෙක් තවමත් පාරිශුද්ධ වේදනාවක් ජනතාවගේ සිත්තුළ තිබෙනවා. අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ ගැන සෑහීමකට පත් විය නොහැකි බව ප‍්‍රකාශ කළා. ඒ වගේම පරීක්ෂණ යටගැසීමේ උත්සාහයක් තිබෙන බවත් පහුගිය කාලයේ කියැවුණා. ඒ කරුණු සත්‍ය බව අද වන විට සුදක් සේ පැහැදිලියි.

රටේ ඇති වෙලා තිබෙන අර්බුදය තව තවත් අගාධයට ඇද දැමීමේ සූදානමක ජනාධිපතිවරයා යෙදී සිටින බව පැහැදිලියි. තමන්ගේ ධූර කාලය දීර්ඝ කර ගැනීමේ ප‍්‍රයත්නයක් මේ වන විට දියත් වෙනවා. මීට පෙර ජනාධිපතිවරයා තමන්ගේ ධූර කාලය සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණය මත විමසීමක් සිදු කළා. එහිදී ශේෂ්ඨාධිකරණය තීරණය වුනේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 ක් බවයි.

නමුත් තනතුර  පිළිබඳ ඇති බල ලෝභයෙන්, නැවත වරක් ජනාධිපතිධුරයට ඉදිරිපත් වන්නේ නැහැ කියලා බලයට ඇවිත් දැන් එක දිනක් හෝ වැඩිපුර බලය සිටීමට කැස කවන බව පෙනෙන්න තිබෙනවා. ඒ සඳහා නැවත ශ්ෂේඨාධිකරණයේ මත විමසීමක් කිරීමේ සූදානමක් තිබෙනවා. 

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණේ 2015 මැයි මාසයේ දීයි. තමන්ගේ ධූරයෙහි වසර පහක  ධූර කාලය ඇරඹෙන්නේ තමන් දිවුරුම් දුන් 2015 ජනවාරි මස නව වැනිදා  සිට  ද එහෙමත් නැත්තම්  19 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වී අත්සන් කළ 2015 මැයි මස සිට ද කියන කාරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ  මත විමසීමක් කරන්නයි දැන් සූදානම් වෙන්නේ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණේ 2015 මැයි මස නෙවෙයි 2017 මැයි මාසය කියලා අපි උපකල්පනය කළොත් මේ ජනාධිපතිවරයා ගේ ධුර කාලය අවුරුදු පහ නම් එතැන් සිට අවුරුදු පහක් කියන්නේ 2022 දක්වා කාලයක්  ජනාධිපති ධූරයේ සිටිනවා. එවැනි දෙයකටයි මේ උත්සාහ කරන්නේ. 

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට, අපි කියන්නේ දහ නව වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ දින සිට ධූර කාලය ගණන් බැලීම සදාචාර සම්පන්න නැහැ. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමටවත් ජනාධිපතිවරයාට සදාචාර සම්පන්න අයිතියක් නැහැ. එතුමාගේ ධූර කාලය ආරම්භ වන්නේ 2015 ජනවාරි මාසේ නවවැනිදා. එතැන් පටන් වසර පහකින් ධූර කාලය අවසන් විය යුතුයි. 

Recommended For You

About the Author: Editor