
ලොතරැයි පතක් මිලදී ගන්න අපි බොහෝ දෙනකුගේ හිතේ තියෙන්නේ දිනුමක් ලබාගැනීම පිළිබඳ සරල අදහස් පමණයි. දිනුම් අංක සමග තමන්ගේ අතේ තිබෙන ලොතරැයි පත සසඳා බලන අපි තවත් මොහොතකින් ඒ ලොතරැයි පත දිහා විශ්මය මුසු සතුටකින් බලලා, ඇස් අදහා ගන්න බැරිව ඉන්නවා වෙන්න පුළුවන්. නැතිනම් සුන් වූ බලාපොරොත්තු ඇතිව යළිත් උත්සාහ කරන අදහසින් ඒ ලොතරැයි පත ඉවතට විසි කරන්න පුළුවන්.
ඒත් දිනුමත් ලැබුණා හෝ නොලැබුණා මේ අපි මිලදී ගන්න ලොතරැුයි පත තුළ තවත් වටිනාකම් රැුසක් තිබෙන බව දන්නේ අපි කීයෙන් කී දෙනාද ? ඒ කියන්නේ අපේ පුංචිම පුංචි රුපියල් 20ක් තවත් කී දෙනෙක් ජීවත් කරවන, ඔවුන්ගේ අනාගතය ආලෝකමත් කරන, රටේ සංවර්ධනයා උර දෙන පමණක් නොවෙයි ඇතැම් විට රෝගී පුද්ගලයෙක් ජීවත් කරවන බව දන්නේ කීයෙන් කී දෙනාද ?
මේ සරල කතාව ඔබ, මම වැය කරන ඒ පුංචි රුපියල් 20න් සිදුවන දැවැන්ත සමාජ මෙහෙවර ගැනයි.
‘ජාතික ලොතරැයි මණ්ඩලය’ තමයි ලංකාවේ ප්‍රමුඛම ලොතරැුයි පත් අලෙවිකරුවා වගේම වැඩිම වාසනාවන්තයින් පිරිසක් බිහිකළ ආයතනය ද වන්නේ.
මේ ආකාරයෙන් ලක්ෂ සංඛ්‍යාත වාසනාවන්තයින් පිරිසක් බිහි කිරීම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය විසින් මේ වන විට සතියේ දින 07ම ආවරණය වන පරිදි දිනුම් අඳින ලොතරැුයි පත් වර්ග 09ක් ප්‍රකාශයට පත් කරනවා. ඒවා වන්නේ, ගොවිසෙත, මහජන සම්පත, ධන නිධාන, වාසනා සම්පත, මෙගා පවර්, සුපිරි වාසනා, නීරෝගා, වාසනා සම්පත සහ තවත් කීර්තිමත් ලොතරැයියක් වන ‘‘සෙවණ’’ ලොතරැයියයි.
ඔබට මුදල් රටට තවත් බොහෝ දේ
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර කීර්තියට පත් කළා වගේම ලංකාවේ දුගී දුප්පත් ජනතාවට මහත් ආශිර්වාදයක් වූ ‘ගම්උදාව’ වැඩපිළිවෙළ ගැන දන්නා කියන සෑම කෙනෙකුටම හුරු පුරුදු වචනයක් තමයි ‘‘ඔබට මුදල් – රටට ගෙවල් ’’ කියන වචන හතර. 1980 දශකයේ ආරම්භ වූ උදාගම් ව්‍යාපාරයට අවශ්‍ය අරමුදල් සොයා ගැනීම වෙනුවෙන් තමයි ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ‘සෙවණ’ ලොතරැයිය ආරම්භ කළේ.
ඒ වගේම ඉහතින් සඳහන් කළ ලොතරැුයි පත් සියල්ලම ඔබට, මට ජයග්‍රාහී ත්‍යාග මුදල් ලබා දෙනවා වාගේම තවත් මිල කළ නොහැකි අමිල ජාතික හා සමාජ මෙහෙවරක නිරත වෙනවා. ඒ සඳහා හොඳම උදාහරණය තමයි ඔබ මා වෙත වාසනාව රැගෙන එන ලොතරැුයි අලෙවිකරුවන්. ඔබ වඩාත් උනන්දුවෙන් බැලූවොත් ඔවුන් අතර විශාල පිරිසක් සිටින්නේ් විශ්‍රාමිකයින් ආදීන් බව හඳුනා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම අබාධිතයින් වැනි තවත් විශාල පිරිසක් ඔබට අලෙවිකරන, ඔබ මිලදී ගන්නා ඒ ලොතරැුයි පතින් ජීවිකාව සරි කරගන්නවා, ජීවිතය සාර්ථක කර ගන්නවා. ලොතරැුයි පත් අලෙවි කර ජීවිතය සාර්ථක කරගත් විශාල පිරිසක් අපට නිතර දෙවේලේ මුණ ගැසෙන්නේ ඒ නිසයි.
ඒ වගේම තමයි මේ ලොතරැුයි පත් සියල්ලෙන්ම සැලකිය යුතු මුදල් ප්‍රතිශතයක් ජාතික ආර්ථිකය, සුබසාධන කටයුතු ආදිය සඳහා වන විවිධ අරමුදල්වලට බැර කෙරෙනවා.
ඒ අනුව,

ඉහත සඳහන් තොරතුරු දෙස බලන විට අපට පැහැදිලිව පෙනී යන කරුණ වන්නේ අපි වැය කරන පුංචි රුපියල් 20ට දිනුමක් ලැබුණත් නොලැබුණත් ඒ මුදල රටේ තවත් වැදගත් වැඩකටයුතු රැසකට බැර වන බවයි.



මෙහි සරල අදහස වන්නේ ලොතරැයි පතක් මිලදී ගැනීමට ඔබ, මම කරන වියදම රටේ තවත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට සුබසාධනය වගේම රටේ සංවර්ධනය සඳහා දායකත්වය ලබා දෙන එකක් බවයි.
මේ තත්ත්වය තුළ ඔබට හිතෙන්නේ කුමක්ද ? ඒ පුංචි රුපියල් 20 මහ මෙරක් තරම් ලොකු දෙයක් බව නේද ? එය අභිමනායටත්, සතුටටත් කරුණක් බව නේද ?
ඔබ ලොතරැයි පතකට වැය කරන පුංචි රුපියල් 20 දිනුමකට එහා ගිය අපමණ අගයක් ලබාදීමක් බව සිතාගත හැකියි නේද ?