අත – පොහොට්ටු හවුල් පක්ෂ ගැන අමරවීරගේ කතා පොහොට්ටුව තරයේ ප‍්‍රතික්ෂේප කරයි

මහින්ද අමරවීර සිදුකල ප්‍රකාශය සම්පූර්නයෙන්ම ප්‍රතික්ෂේප කරනවා / කොන්දේසිය යටතේ සංධානයකට එකඟවීමට පොදුජන පෙරමුන සූදානම් නැහැ / ජනාධිපති අපේක්ෂකයා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරන මහින්ද රාජපක්ෂ මහතා තීරණය කරන අයෙක්

ශ්‍රි ලංකා නිදහස් පොදුජන පෙරමුණ නැමැති සංධානයකින්  ඉදිරි මැතිවරණ සඳහා තරඟ කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමග  කිසිදු එකඟත්වයකට පැමින නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුන අවධාරණය කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ නැමැති සංධානයකින් ඉදිරි මැතිවරණ සඳහා තරරැු කිරීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය සමග කිසිදු එකඟත්වයකට පැමිණ නැතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුන අවධාරණය කරයි.

ඊයේ එක්සත් ජනතා නිදහස් සංධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා සිදුකළ ප‍්‍රකාශය සම්පූර්නයෙන්ම ප‍්‍රතික්ෂේප කරන බව අද (5) පෙරවරුවේ කොළඹ නෙළුම් මාවතේ පිහිිටි පොදුජන පෙරමුනු ප‍්‍රධාන කාර්්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශෙහාන් සේමසිංහ මහතා අවධාරණය කළේය.

ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡුා සාර්ථකව සිදුකෙරෙන නමුත් සංධානයකින් තරග කිරීමක් සම්බන්ධයෙන් තවමත් කිසිදු නිෂ්චිත අවසන් තීරණයකට පැමින නොමැති බව ඒ මහතා සඳහන් කළේය.

වත්මන් ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂය විසින් නම්කොට ඇති පසුබිමක එම කොන්දේසිය යටතේ සංධානයකට එකගවීමට පොදුජන පෙරමුණ සූදානම් නොමැති බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි. නමුත් යම් හෙයකින් මෙම පක්ෂ දෙක අතර සංධානයක් ඇතිවන්නේ නම් ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරන මහින්ද රාජපක්ෂ මහතා තීරණය කරන අයෙක් බව මෙම මාධ්‍ය හමුවට සහභාගී වු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී තාරක බාලසූරිය මහතා සඳහන් කළේය.

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නිළ වශයෙන් ප‍්‍රකාශයට පත්කිරීම අගෝස්තු මස 11 වැනිදා ප‍්‍රකාශයට පත්කෙරෙන අතර මේ අවස්ථාවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ගතහැකි හොදම ක‍්‍රියාමාර්ගය වන්නේ ජනතා මතය අනුව පොදුජන පෙරමුණ සමග කොන්දේසි විරහිතව එකතුවීම බව ඒ මහතා පෙන්වා දුන්නේය.

Recommended For You

About the Author: Editor