
ඉරානයේ සිට සිරියාවට ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් අමෙරිකාව විසින් කළ දැනුම් දීමකට අනුව බි්රතාන්ය රාජකීය නාවික හමුදා භාරයට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සිරියාවට එරෙහිව පනවා ඇති සම්බාධක නොතකා ඉන්ධන ප්‍රවාහනය කිරීම හේතු කොටගෙන මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි බි්රතාන්යය පවසා ඇත්තේ. කෙසේ වෙතත් මෙම සිද්ධිය ඉරානයේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.