ටොයොටා ලංකා සමාගමේ විශිෂ්ටයන්ට සම්මාන

ටෝයොටා රථවාහන සහ අමතර කොටස් සඳහා ශ‍්‍රී ලංකාවේ එකම නියෝජිතයන් වන ටොයොටා ලංකා (පුද්.) සමාගමේ වාර්ෂික අලෙවි නියෝජිත සම්මන්ත‍්‍රණය පසුගියදා බණ්ඩාරගම ‘කාටින් සර්කිට්’ පරිශ‍්‍රයේදී පැවැත්විණි. ටොයොටා ලංකා සමාගම මගින් ගෙන්වා බෙදාහරින ටොයොටා ලිහිසි තෙල් වර්ග සහ අමතර කොටස් සඳහා නියෝජිතයන් ලෙස කටයුතු කරන 235 දෙනෙක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

2018/19 මූල්‍ය වර්ෂය තුළදී විකුණුම් අතින් විශිෂ්ට ප‍්‍රගතියක් අත්පත් කරගත් අලෙවි නියෝජිතයෝ මෙහිදී ඇගයීමට ලක්වූහ. ටොයොටා ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ෂුන්ගෝ යොෂි ඕකා සහ අධ්‍යක්ෂ/ ප‍්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල යන මහත්වරුන් විසින් ජයග‍්‍රාහකයන්ට සම්මාන පිරිනමන ලදි. අමතර කොටස් කාණ්ඩයේ ඉහළම සම්මානය ලොයිඞ් ඔටෝමාට් (පුද්.) සමාගම වෙත හිමිවූ අතර සේවා සහ අමතර කොටස් කාණ්ඩයේ ප‍්‍රමුඛතම සම්මානය ඔටෝ වර්ල්ඞ් (පුද්) සමාගම වෙත හිමි විය. ජයග‍්‍රාහකයන් වෙත යුරෝපය, රුසියාව, වියට්නාමය හා තායිලන්තය වෙත විදේශ සංචාර පිරිනමන ලදි.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් ටොයොටා ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ෂුන්ගෝ යොෂි ඕකා මහතා මෙසේ පැවසී ය.

‘‘ටොයොටා වැනි ගෝලීය මට්ටමේ සමාගම් වලට, ලොව පුරා විසිරී සිටින පාරිභෝගිකයන් වෙත සේවා සැපයීමේදී විශ්වාසනීය අලෙවි නියෝජිත ජාලයක් අත්‍යවශ්‍යයි. ශ‍්‍රී ලංකාවේදී එවැනි ජාලයක් නිර්මාණය කරගැනීමට අපට හැකිවී තිබෙනවා. අපගේ සාර්ථකත්වයට ඔවුන්ගෙන් විශාල දායකත්වයක් ලැබෙන බව අපගේ විශ්වාසයයි. මේ අලෙවි නියෝජිත සම්මන්ත‍්‍රණය අපගේ වාර්ෂික වැඩසටහන් අතර ඉතාමත් වැදගත් වැඩසටහනක්. මේ අලෙවි නියෝජිතයන් ටොයොටා සමාගම වෙත ලබාදෙන අඛණ්ඩ සහයෝගයට ස්තූතිය පළකිරීමටත්, ඔවුන්ගේ අනාගත සාර්ථකත්වය උදෙසා සුබපැතීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා.”‍

Recommended For You

About the Author: Editor