මධූෂ් එක්ක එකපතේ කෑ දියවන්නා පොහොට්ටුවක් අද හෙටම අත්අඩංගුවට

රජයට සම්බන්ධ දේශපාලනඥයින් සිවු දෙනෙකු පිළිබඳව ද මාකඳුරේ මධූෂ් කරුණු හෙළිකරලා

මාකදුරේ මධූෂ් හෙළි කළ තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප‍්‍රකාශ කළේය.

ඇමතිවරයා මේ බව සඳහන් කළේ අස්ගිරි පාර්ශ්වයෙන් මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් බැහැදැකීම සඳහා ඊයේ පස්වරුවේ (4) අස්ගිරි මහා විහාරයට පැමිණි අවස්ථාවේදීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා, මාකඳුරේ මධූෂ් හෙළි කළ කරුණූවලට අනුව චෝදනා ලැබූවන් ඉදිරියේ දී අත්අඩංගුවට ගැනීමට නියමිතයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්නා විට හෙලිකොප්ටරයෙන් ගොස් ඒවා බේරා ගත් දේශප්‍රේමි නායකයා පිළිබඳව ද මාකදුරේ මධූෂ් කරුණු ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතයි.

රජයට සම්බන්ධ දේශපාලනඥයින් සිවු දෙනෙකු පිළිබඳව ද මාකඳුරේ මධූෂ් කරුණු හෙළිකර තිබෙනවා. ඔවුන් මධූෂ් සමග ඇතැම් අවස්ථාවලදී සාකච්ඡා පවත්වා තිබෙනවා’’ යැයි ද ඇමැති රාජිත වැඩිදුරටත් පැවසීය.

Recommended For You

About the Author: Editor