
ශ්‍රී ලාංකිකයින් වැඩි වැඩියෙන් වාසනාවන්තයින් කිරීම සඳහා ප්‍රමුඛම දායකත්වය ලබා දෙන ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ජූලි මාසය තුළ අලෙවි කළ ලොතරැයි පත් වර්ග 09 මගින් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් 2,589,535 දෙනකු බිහිකර තිබෙනවා.
ඒ අතරින් වැඩිම ජයග්‍රාහකයින් පිරිසක් බිහිකර ඇත්තේ ගොවි ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් සුවිශාල වැඩකොටසක් ඉටුකරන ‘‘ගොවි සෙත’’ ලොතරැුයිය මගින්. ඒ අනුව ගොවි සෙත මගින් බිහිකළ ජයග්‍රාහකයින් ගණන 945,544ක් වන අතර ඔවුන් අතර බෙදා දුන් ත්‍යාග මුදල රුපියල් 32,186,880,00ක්.
මෙම ජයග්‍රාහකයින් අතර බෙදා දුන් ත්‍යාග මුදල්වලට අමතරව ඒකාබද්ධ අරමුදල, ජාතික වකුගඩු අරමුදල වැනි ජාතික අරමුදල් වෙත ද රුපියල් බිලියන ගණනක් ජාතික ලොතරැයි මණ්ඩලය විසින් බැර කර තිබෙනවා.
ජූලි ජයග්‍රාහකයන්
ලොතරැයිය | ජයග්‍රාහකයින් | රු. එකතුව |
---|---|---|
ගොවි සෙත | 945544 | 32,186,880.00 |
මහජන සම්පත | 541746 | 33,549,590.00 |
ධන නිධානය | 94852 | 4,087,960.00 |
ජාතික සම්පත | 85397 | 5,679,580.00 |
මෙගා පවර් | 371755 | 12,108,960.00 |
සුපිරි වාසනා | 86776 | 2,545,640.00 |
නීරෝගා | 194713 | 5,450,800.00 |
වාසනා සම්පත | 94931 | 3,022,200.00 |
සෙවණ | 87065 | 2,855,890.00 |
මේ අතර ජාතික ලොතරැයි මණ්ඩලය මේ වසරේ බිහිකල තවත් සුපිරි කෝටීපතියන් හය දෙනකුට චෙක්පත් ප්‍රධානය පසුගිය ජූනි මස 06 වන දින ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි නීතිඥ ශ්‍යාමිලා පෙරේරා මහත්මිය සහ ක්‍රියාකාරි අධ්යක්ෂ තුසිත හල්ලොලුව මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ලොතරැයි මණ්ඩලීය පරිශ්‍රයේ දී සිදු සිදු වුණා.
