
නව ව්‍යවසායකයන් දසලක්ෂයක් බිහි කිරීමේ අරමුණ සහිතව ක්‍රියාත්මක එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන වැඩසටහන තව දුරටත් පුළුල් කරමින් සිනමා කර්මාන්තයේ නියළී සිටින පිරිස් වෙත ද ලබාදීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.
ඒ අනුව රට පුරා අලුතින් සිනමා ශාලා ඉදිකිරීමට අඩු පොලී යටතේ ණය මුදල් ලබාදීමට පියවර ගන්නැයි මුදල් ඇමැති මංගල සමරවීර සහ නිවාස හා ඉදිකිරීම් හා සංස්කෘතික ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අනුමැතිය ලැබී තිබේ.