හතුරුසිංහ ඇතුළු 06ක් ලංකාවට ආ ගමන් ගෙදර

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇතුළු පුහුණුකරුවන් තිදෙනා සහ තවත් නිලධාරීන් තිදෙනෙක් වහාම ඉවත් කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති ඇති වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසුවේ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගෙන්ද උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව අදාළ නිලධාරීන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රදර්ශනය කළ දැඩි අසාර්ථකත්වය පිළිබඳව අවදානය යොමු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය මෙම තීරණ ගත් බව ද ඔහු සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor