Voice of දියවන්නා – SLPP: ගම්පහ දිනන හැටි ගැන ප‍්‍රසන්න කෙස්ගහට ගණන් හදයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් කමිටුව ප්‍රසන්නගේ ප්‍රධානත්වයෙන් පසුගිය සෙනසුරාදා උඩුගම්පොළ දී රැස් විය. ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලන්සා, සුදර්ශනී, ඉන්දික, රණවිර සමඟ පළාත් සභා නියෝජිතයන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන් පිරිසක් සමඟ මහීපාල හේරත් ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

ගම්පහ දිනන හැටි ගැන ප‍්‍රසන්න කෙස්ගහට ගණන් හදයි

ඉදිරියේ දී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක දී ගම්පහ දිස්ත්‍රික්කය ඉහළින් ජයග්‍රහණය කරවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම හමුව කැඳවා තිබුණි. ප්‍රසන්න සාකච්ඡාවට ආවේ පසුගිය සතිවල කැල්කියුලේටර අතේ තබාගෙන රෑ නිදි මරමින් සකස් කළ ප්‍රතිඵල වි‍ශ්ලේෂණ ද රැගෙනය.

පසුගිය මැතිවරණවල ගම්පහ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්, ආසන, කොට්ඨාස මට්ටමින් ලැබූ ඡන්ද ප්‍රතිඵල ගැඹුරින් විශ්ලේෂණය ‍කොට ඊළඟ මැතිවරණයේ දී ජයග්‍රහණය ලැබීමට ලැබිය යුතු ඡන්ද ප්‍රමාණ කෙස් ගහට ගණන් සාදා ඒ ඒ කොට්ඨාසවලට ඉලක්ක සකස් කිරීමට ප්‍රසන්න කටයුතු කර තිබුණි.

ප්‍රොජෙක්ටරයක් ආශ්‍රයෙන් සිය විශ්ලේෂණය විග්‍රහ කරමින් පැයකට ආසන්න කාලයක් විශ්වවිද්‍යාලයක දේශනයක ආකාරයට කරුණු පැහැදිලි කළ ප්‍රසන්න අවධාරණය කළේ රටම දිනන්න නම් ගම්පහ දිනා ගත යුතු බවය. ඒ සඳහා සෑම පුද්ගලයකුගේම ඡන්දය වැදගත් බවත් ප්‍රසන්න පැහැදිලි කළේය.

“අපි දිනනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ගම්පහ ප්‍රතිඵල එක්කයි. ඒ නිසා අපි ගම්පහ දිනන්න ඕනේ මුළු රටටම දැනෙන ඡන්ද ප්‍රතිශතයකින්. අපි හැමෝ තමතමන්ගේ වැඩ කොටස කළොත් මේක අමාරු වැඩක් නෙමෙයි. හැබැයි මොකට මහන්සි වෙනවද, කොහොමත් දිනනවානේ කියලා හිටියොත් නම් මේක කරන්න බැහැ.

තමුන්නාන්සේලාට දැන් පැහැදිලි කරපු විදියට හැම කොට්ඨාසයකින්ම ඔය කිව්ව ඡන්ද ප්‍රමාණය අපි ලබාගන්න ඕනේ. එහෙම ඉලක්කයකට වැඩ කළොත් රටම හොල්ලන ප්‍රතිඵලයක් ගම්පහින් ගන්න පුළුවන්. තව මාස දෙක තුනක් ඇතුළත කොහොමත් ඡන්දයක් එනවා. අපි දැන්ම වැඩේට බැස්සොත් ඒ වෙනකොට ඉලක්කයට ගිහින් තියෙයි” ප්‍රසන්න පැවසීය.

ප්‍රසන්නගේ දේශනයෙන් පසුව සියලුදෙනාටම රාත්‍රී ආහාර සූදානම් කර තිබුණි. එහිදී මහජන නියෝජිතයන් කතා කරමින් සිටියේ මැතිවරණ ගැනය.

ලන්සා ප‍්‍රසන්නගේ සැලසුම අගය කරයි

“ඔබතුමාගේ සැලැස්ම නම් අන්තිම ඉහළයි. හැමෝටම ඉලක්ක දීලා තියෙන නිසා අපිට වැඩ කරන්නත් ලේසියි” ලන්සා පැවසීය.

“අපි වැඩක් කරනකොට පිළිවෙළකට කරන්න ඕනේ. ඒ හින්දයි මම මේ වැඩපිළිවෙළ හදලා ඡන්ද වැඩි කරගන්න උත්සහ කරන්නේ. එහෙම නැතුව ඡන්දෙ ළං වෙලා රැස්වීම් ටිකක් තිබ්බට වැඩක් නැහැ. රැස්වීම් තිබ්බත් නැතත් අපිට වැටෙන ඡන්ද වැටෙනවා. අපි බලන්න ඕනේ කොහොම හරි වැටෙන්නේ නැති ඡන්ද ළං කරගන්නයි” ප්‍රසන්න කීවේය.

“ඒක හරි. පුළුවන් තරම් අපේ ගොඩ වැඩිකර ගත්තොත් තමයි ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්න පුළුවන් වෙන්නේ. හැමතිස්සෙම හිතන්න ඕනේ මේක අමාරු සටනක් කියලයි. එහෙම නැත්නම් අපිට වෙන්නෙත් ඉබ්බා එක්ක රේස් දිව්ව හාවට වෙච්ච දේම තමයි” රණවිර පැවසීය.

“පිළිවෙළකට සැලසුමක් තියෙන කොට අපිට වැඩ කරන්න ලේසියි. ප්‍රසන්න මහත්තයා ඉතින් කොහොමත් ප්ලෑන්කාරයානේ” ඉන්දික පැවසුවේ සිනාසෙමිනි.

“ජනාධිපතිවරණය වේවා, මහ මැතිවරණය වේවා, පළාත් සභා වේවා ඕනේ මැතිවරණයකට මේ සැලැස්ම හරියනවා. අපි වැඩ කරමු. රට හදන්න නිකම් කතා කර කර හිටියට වැඩක් නැහැ. මුලින් බලය ගන්න ඕනේ. ඊට පස්සේ මේ වගේම එකතු වෙලා අපි රට හදමු” ප්‍රසන්න කීවේය.

අපිටත් මේ වෙලාවේ ඕනේ මොකක් හරි ඡන්දයක් – මහින්ද

ඉරිදා සවස විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසට මහින්ද හමුවීමට රෝහිත, ප්‍රසන්න, ලන්සා, පියල් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණ සිටියහ. පිරිස මහින්ද සමඟ කතා කරමින් සිටියේ ඉදිරි මැතිවරණ සහ වර්තමාන දේශපාලන කටයුතු සම්බන්ධයෙනි.

“ආරංචියක් තියෙනවා අවුරුද්ද අවසන් වෙන්න ඉස්සර පළාත් සභා මැතිවරණය එනවයි කියලා. බොහෝ දුරට ජනාධිපතිවරණයට ඉස්සර පළාත් සභා ඡන්දෙ තියෙයි වගේ” ප්‍රසන්න රහසක් හෙළි කළේය.

“මටත් එහෙම එකක් නම් දැනගන්න ලැබුණා. පළාත් සභා මැතිවරණය දැන් දීර්ඝ කාලයක් තිස්සේ කල්ගිහින් තියෙන්නේ. අපිටත් මේ වෙලාවේ ඕනේ මොකක් හරි ඡන්දයක්. ඒ නිසා පළාත් සභා හරි කමක් නැහැ තියෙනවා නම්” මහින්ද පැවසීය.

මොන මැතිවරණය තිබ්බත් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් දැන් රැල්ල තියෙන්නේ අපට- රෝහිත

“මොන මැතිවරණය තිබ්බත් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. දැන් මිනිස්සුන්ට ආණ්ඩුවයි, ජනාධිපතිවරයයි, අනෙක් පක්ෂයි සේරම එපා වෙලා තියෙන්නේ. රැල්ල තියෙන්නේ අපට. ඒ හින්දා මොකක් හරි ඡන්දයක් තියෙනවා නම් අපේ බලය තහවුරු කරගන්න පුළුවන්” රෝහිත කීවේය.

“අපි නම් කොහොමත් දිස්ත්‍රික්කයේ සංවිධාන කටයුතු වේගවත් කරලා තියෙන්නේ. හෙට ඡන්දයක් තිබ්බත් ගම්පහ දිනන්න පුළුවන්. පළාත් සභා නෙමේ ‍ඕනේ ඡන්දක් දිනන්න පුළුවන් පිරිසක් අපි එක්ක ඉන්නවා” ප්‍රසන්න පැවසීය.

“ආණ්ඩුවට දැන් වෙලා තියෙන්නේ මග හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී වගේ වැඩක්. ඡන්ද තියලත් බැහැ. නොතියත් බැහැ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියනවා ජනාධිපතිවරණයට ඉස්සර පළාත් සභා නොතිබ්බොත් ඉල්ලා අස්වෙනවා කියලා. අනෙක් පැත්තෙන් ජනතාවගේ පීඩනය. ආණ්ඩුවත් දැන් ගිරයට අහුවුණ පුවක් ගෙඩිය වගෙයි” ලන්සා කීවේය.

“අපේ කාලේ නම් අපි නියමිත දවසටත් කලින් ඡන්ද තිබ්බා. දිනන්න බෑ කියලා දැන දැනම උතුරු පළාත් සභා ඡන්දයත් තිබ්බා. ඒකට තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. අපි ඡන්ද තියන කොට සමහරු උසාවි ගියා ඡන්ද එපා කියලා. දැන් සිද්ධ වෙලා තියෙන්නේ ඡන්ද ගන්න උසාවි යන්නයි” මහින්ද කීවේ සිනාසෙමිනි.

ගෝඨගේ සුවදුක් බලන්න පොහොට්ටු මන්ත‍්‍රීවරු සිංගප්පූරු යයි

ප්‍රසන්න ඇතුළු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් පසුගිය සතියේ සිංගප්පූරුව බලා ගියේ ගෝඨාභය රාජපක්ෂ මුණගැසීමටය. අසනීප තත්ත්වයක් නිසා සිංගප්පූරුවේ විවේක ගනිමින් සිටින ගෝඨාභයගේ සුවදුක් විමසීමට ගිය කණ්ඩායමට තේනුක, පියංකර, රණවීර, ඉන්දික සමඟ පළාත් සභා මන්ත්‍රීවරුන් කිහිපදෙනක් ද එක්ව සිටියහ. සාකච්ඡාව යන අතර කෙහෙළිය ද ආවේය.

” මාව බලන්න ලොකු පිරිසක් ඇවිල්ලනේ” කියමින් ගෝඨාභය බිරිඳ අයෝමා ද සමඟ පැමිණ පිරිස පිළිගත්තේය.

“කොහොමද ඔබතුමාගේ සුවදුක්? ප්‍රසන්න ඇසුවේය.

“මට දැන් හොඳටම සුවයි. නමුත් පුළුවන් තරම් විවේක ගන්න කියලයි ඩොක්ටර්ස්ලා කියන්නේ. එක තැන ඉන්න එක මට පුරුදු දෙයක් නෙමෙයි. පුළුවන් ඉක්මණට ලංකාවට ගිහින් පුරුදු වැඩ ටික පටන් ගන්නයි මම හිතන්‍ ඉන්නේ” ගෝඨාභය පැවසීය.

“සමහරු විවිධ කතා කියනවා ඔබතුමා ගැන. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය විකෘති මත සමාජ ගත කරන්න හදනවා” ප්‍රසන්න කීවේය.

මිනිස්සු මගෙන් ඈත් කරන්න පුළුවන්කමක් නැහැ – ගෝඨා

“එයාලා හැමදාම කළේ ඕ‍කනේ. මට මඩ ගැහුවා කියලා මිනිස්සු මගෙන් ඈත් කරන්න පුළුවන්කමක් නැහැ. මම ඕවට සැලෙන්නේ නැහැ. ඕනෙම අභියෝගයකට මම සූදානම්. ජනතාව වෙනුවෙන් මට වගකීමක් තියෙනවා නම් ඒක මම ඉටුකරනවා” ගෝඨා පැවසීය.

“ජනතා විමුක්ති පෙරමුණ දැන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. පහුගිය දවසක කැලනිය ආසන බල මණ්ඩලය තිබ්බා දහ පහළොස් දෙනෙක්වත් ඇවිත් හිටියේ නැහැ” රණවීර පැවසීය.

“ජවිපෙ විතරක් නෙමෙයි එ. ජා. පයත් දැන් ඉවරයි. අපේ ගම්වල මිනිස්සු ඡන්දයක් එනකම් ඉන්නේ. මං හිතන විදියට එ. ජා. පයට ඡන්ද ඉල්ලන්න ගෙවල්වලටවත් යන්න වෙන එකක් නැහැ” පියන්කර කීවේය.

“අපි දැන් අපේ දිස්ත්‍රික්කවල මැතිවරණ මෙහෙයුම් කටයුතු කරගෙන යනවා. බැසිල් මහත්තයා අපට හොඳ මඟපෙන්වීමක් දෙනවා. ඉදිරියේ දී එන ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කරන්න අපි සූදානම්” ප්‍රසන්න පැවසීය.

“මහින්ද මහත්තයයි බැසිල් මහත්තයයි දෙන්නම නිතරම මට කතා කරනවා. බැසිල් මල්ලි නම් අද උදෙත් කතා කළා. දෙන්නම ඉතින් අපේ රටේ ඉන්න හොඳම මොළකාරයොනේ” ගෝඨාභය සිනාසෙමින් කීවේය. අනතුරුව තේනුක දෙසට හැරුණු ගෝඨාභය ඔහුගෙන් ඇසුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ සංවිධාන කටයුතු සම්බන්ධයෙනි.

මිනිස්සු කියන්නේ මහින්ද මහත්තයා අමතක කරපු කෙනෙකුට හරියන්නේ නැහැ කියලයි” තේනුක

“අපි බදුල්ලේ සංවිධාන කටයුතු අලුත් වටයකින් පටන් ගත්තා. පහුගිය කාලයේ සමහර ආසනවල සංවිධාන කටයුතු හරියට කෙරිලා තිබුණේ නැහැ. අපි ඒවා නැවත ආරම්භ කළා. දිස්ත්‍රික්කයේ මිනිස්සු නම් සමරුන්ගේ හැසිරීම් ගැන කලකිරිලයි ඉන්නේ. ඒ අය අපට කියන්නේ මහින්ද මහත්තයා අමතක කරපු කෙනෙකුට හරියන්නේ නැහැ කියලයි” තේනුක පැවසීය.

“සමහරු හිතනවා රැල්ල තියෙන්නේ තමන්ට කියලා. හැබැයි ජනතා රැල්ල තියෙන්නේ මහින්ද මහත්තයට. 2015 දී එතුමා ජනාධිපති පුටුවෙන් බැහැලා යනවා දරා ගන්න බැරිව අඬපු පිරිස තමයි අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඒ මිනිස්සු සලකන්නේ මහින්ද මහත්තයට සලකන මිනිස්සුන්ට මිසක් මහින්ද මහත්තයා පාවා දෙන අයට නෙමෙයි” කෙහෙළිය පැවසීය.

නාමල් ඇතුළු පිරිසක් රුසියාවේ සංචාරයක

 නාමල් රාජපක්ෂ කන්චන විජේසේකර,පවිත්‍ර වන්නිආරච්චි සහ කන්චන ජයරත්න යන පිරිස පසුගිය 30 දා රුසියාව බලා ගියේ විශේෂ සමුළුවකට සහභාගී විමටය ශ්‍රිලංකා පොදුජන පෙරමුන නියොජනය කරමින් නාමල් අතුලු පිරිස ඉට සහභාගිවන විට එක්සත් ජාතික පක්ෂය නියොජනය කරමින් අර්ජුනත් ශ්‍රිලංකා නිදහස් පක්ෂය නියොජනය කරමින් නිමල් සිරිපාලත් ඉට එකව සිටිහ. මේ සදහා රටවල් 170 ක දේශපාලන පක්ෂ නියොජිතයන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් එකව සිටිහ.

සමුළුව අතර තුර නාමල් ඇතුලු පිරිස වෙනත් රටවලින් පැමිනි පක්ෂ නියොජිතයන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සමග සාකච්ඡා කලහ ඒ හැම සාකච්ඡාවකදිම නාමල් ඇතුලු පිරිසට ලැබුනේ ඉහල ප්‍රතිචාරයකි රුසියානු රජයේ ජාතියන්තර සබඳතා පිලිබද සභාපතිවරයාද නාමල් ඇතුලු පිරිසට විශේෂ සාකච්ඡාක් ලබාදී තිබුනී. නාමල්ව සභාපති වරයාට හදුන්වා දෙන විට ඔහු සිනසෙමින් ඇසුවේ මේ ශ්‍රීලංකාවේ අනාගත අගමැති නේදයි කියාය ඉට නාමල් ප්‍රතිචාර දැක්වුයේ සිනාසෙමිනි සාකච්ඡා අතරතුරදි සභාපතිවරයා “අපි දන්නවා ඊලගට ඔබේ රටේ එන්නේ ඔබලාගේ අන්ඩුවක් කියල ඔබේ තාත්තාට ලොකු ගරු කිරීමක් අපෙ තියෙනවා ඔබලගේ ආන්ඩුවක් ආපුවහම අපේ රටවල් දෙක අතර මිට වඩා හොද සබඳතාවයක් ඇති වේවි.” යැයි කිවේය සාකච්ඡා අවසානයේ නාමල් සභාපතිවරයාට ආරාධනයක් කලේය ඒ සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන නාමල්ගේ විවාහ මංගල උස්සවයට සභාගිවන ලෙසය.

මැතිවරනයක් ආවත් මිනිස්සු ආන්ඩුව පන්නලයි පස්ස බලන්නේ – කන්චන

මෙම සමුළුව අතර තුර නාමල් ඇතුලු පිරිසට නිමල් සිරිපාල සහ රුසියාවේ තානාපති දයාන් ජයතිලකද හමුවිය

“කොහොමද ඇමති තුමා මොකද වෙන්නේ “ නාමල් නිමල්ගෙන් ඇසුවේය.

“අයියෝ කියලා වැඩක් නෑ දැන්නම් අන්ඩුව ගන්න දෙයක් නෑ රට විනාසයි” නිමල් කිවේය.

දයාන් කිවේ රට නරකම තැනකට ඇද වැටි ඇති බවය.

”අපේ රටේ වෙන දෙවල් ගැන හැමෝම ඉන්නෙ අසතුටින්” දයාන් කිවේය.

”කොහොම සතුටෙන් ඉන්නද මේ ගොල්ලො රට විනාස කරානේ ”පවිත්‍රා කිවාය.

”දැන්නම් මිනිස්සු ඉල්ලන්නේ ඉක්මනින්ම අන්ඩුවෙ වෙනසක් මොන මැතිවරනයක් ආවත් මිනිස්සු ආන්ඩුව පන්නලයි පස්ස බලන්නේ”කන්චන කිවේය

සමුළුව අතර තුරදිද මහින්ද කිපවිටක් නාමල්ට කතාකර එහි තත්වයසොයා බැලුවේය.

Recommended For You

About the Author: Editor