
ආරක්ෂක හේතූන් මත රාජ්ය හා පෞද්ගලික අංශයේ වාණිජ බැංකු රාත්රී කාලයේ සේවා සැපයීම සීමාකර තිබෙනවා.
කොළඹ හා දිවයිනේ ප්රධාන නගර කිහිපයක රාජ්ය හා පෞද්ගලික වාණිජ බැංකු කිහිපයක් රාත්රී කාලයේ විවෘතව තැබූ අතර එය ඇතැම් ගනුදෙනුකරුවන් පහසුවක් වුණා.
එහෙත් පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමේ සිද්ධියෙන් පසුව ආරක්ෂක පියවරක් ලෙස රාත්රී කාලයේ සැපයූ බැංකු සේවා සීමා කළ අතර එම සිද්ධියෙන් පසුව රාත්රී කාලයේදී ගනුදෙනුකරුවන් බැංකුවලට පැමිණීම සැලකිය යුතු ලෙස අඩු වූ බවයි බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.