
මෙරට හැසිරීම අනුව බුදුදහම පිළිබද ලෝකය තේරුම් ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.
අගමැතිවරයා මේ බව පැවසුවේ වාද්දුවල මොල්ලිගොඩල දෙගම්බඩ මහා විහාරයේ පැවති වැඩසටහන් කිහිපයකට සහභාගි වෙමින් මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි.
මෙම විහාරස්ථානයේ බහු කාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබූ අග්‍රාමාත්‍යවරයා විහාරස්ථානයේ නා පැලයක් ද රෝපණය කළා.
පූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර ස්වාමීන් වහන්සේට මල්වතු පාර්ශ්වය මගින් කලුතර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීම වෙනුවෙන් විශේෂ උත්සවයක් ද මෙහිදී පැවැත් වුණා.
මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමීන් වහන්සේ, කතානායක කරූ ජයසූරිය, අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.