ලබන 14 දා කොළඹ මාර්ග කිහිපයක කිසිම වාහනක් නෑ

කොළඹ නගරයේ මාර්ග කිහිපයක රථවාහන නැති ඉරිදා දිනයක් ලෙස නව වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇතැයි කොළඹ නගාරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.

කොළඹ මහ නගර සභාව හා ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති කාර්යාලය එක්වයි එම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බවයි ඇය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ රෝසි සේනානායක මහත්මිය,

‘‘ශ්‍රී ලංකාවේ පළමුවරට මෝටර් රථ රහිත දිනයක් පැවැත්වීම මෙහි අරමුණ වන්නේ. ඒ අනුව ලබන 14 වනදා පෙරවරු හයේ සිට දහවල් 12 දක්වා මෙම වැඩපිළිවෙළ කොළඹ නිදහස් මාවතේ සිට ග්‍රීන් පාත් දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. පාපැදි හා ස්කේට් බෝඩ් වැනි යාන්ත්‍රික නොවන ගමනාගමන ක්‍රම මගින් මෙම වැඩසටහන සදහා එක්විය හැකියි. අදාළ ප්‍රදේශයේ ඇවිදීමට, ව්‍යායාම කිරීමට හෝ ක්‍රීඩා කිරීමට මෙමගින් බාධාවක් සිදුවන්නේ නැහැ’’

Recommended For You

About the Author: Editor