ශ‍්‍රී ලංකාව 9/3ක් ලෙස ලෝක කුසලානයට සමු දෙයි

ලෝක කුසලාන පළමු වටයේ ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව මුහුණ අවසන් තරගයෙන් කඩුළු 07ක විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබා ගැනීමට අද (6) ඉන්දියාව සමත් වුණා. මේ සමග ඉන්දිය කණ්ඩායමේ ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 15 දක්වා (9/7) ඉහළ ගිය ගිය අතර ශ‍්‍රී ලංකාවට 9/3ක් ලෙස ලෝක කුසලානයට සමු දීමට සිදු වුණා.

කාසිසේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 තුළදී කඩුළු 07කට ලකුණු 264ක් ලබා ගත්තා. විශිෂ්ඨ ඉනිමක් ක‍්‍රීඩා කළ ඇන්ජිලෝ මැතිව්ස් පන්දු 128කට ලකුණු 113ක් ලබා ගත්තා. ලහිරු තිරිමාන්න ලකුණු 53ක් ද ධනංජය සිල්වා ලකුණු 29ක් ද ලබා ගත්තා.

ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවූ Jasprit Bumrah ලකුණු 37කට කඩුළු 03ක් ලබා ගත්තා.

ලංකාව විසින් ලබා දුන් ලකුණු 265ක ඉලක්කය හඹා ගිය ඉන්දිය කණ්ඩායම පන්දු වාර 43.3කදී කඩුළු 03කට ලකුණු 265ක් ලබා ගනිමින් කඩුළු 7ක පහසු ජයක් වාර්තා කළා. කේ.එල්. රාහුල් පන්දු 118කදී ලකුණු 111ක් ද, රෝහිත් ෂර්මා පන්දු 94කදී ලකුණු 103ක් ද විරාත් කෝලි පන්දු 41කදී ලකුණු 31ක් ද ලබා ගත්තා.

ශ‍්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවූ කසුන් රජිත ලකුණු 47කට එක් කඩුල්ලක් ද, ඉසුරු උදාන ලකුණු 50කට එක් කඩුල්ලක් ද ලබා ගත් අතර ලසිත් මාලිංග ඉන්දීය පිතිකරුවන්ගේ දැඩි ප‍්‍රහාරයකට ලක් වුණා. ලසිත් පන්දු වාර 10කදී ලකුණු 82ක් ලබා දුන් අතර එක් කඩුල්ලක් පමණක් දවා ගත්තා.

මෙම තරගයත් සමග ශ‍්‍රී ලංකා කණ්ඩායමට ප‍්‍රසාද ලකුණු 08ක් සමග තරග 9/3ක් ලෙස තරගාවලියෙන් ඉවත් වීමට සිදුවන අතර ඉන්දියාව ප‍්‍රසාද ලකුණු සටහනේ 02 ස්ථානයේ (අද පැවැත් වෙන ඔස්ටේ‍්‍රලියා – දකුණු අප‍්‍රිකානු තරගයේ ප‍්‍රතිඵල නොමැතිව) ප‍්‍රසාද ලකුණු 15ක් සහිතව රැුඳී සිටින අතර ඔස්ටේ‍්‍රලියාව අද පැවැත්වෙන තරගයෙන් පරාජයට පත් වුවහොත් (14) ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දක්වා ඉහළට යාමට නියමිතව සිටිනවා.

මේ වන විට ඔස්ටේ‍්‍රලියාව සහ දකුණු අප‍්‍රිකාව අතර පැවැත්වෙන තරගයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම නියමිත පන්දු වාර 50ට කඩුළු 6කට ලකුණු 325ක් ලබා ගත් අතර අද (07) ප.ව 11.00 වන විට ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම පන්දු වාර 11කදී කඩුළු 02කට ලකුණු 47ක් ලබා ගෙන සිටිනවා.

අද පැවැත්වෙ කිසිදු තරගයක් මේ වන විට අවසාන පූර්ව වටයට තේරී ඇති කණ්ඩායම්වලට බලපෑමක් සිදු නොකළත් ඔස්ටේ‍්‍රලියාව පරාජයට පත් වුවහොත් ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු තැනට ඉන්දියාව පත්වන අතර අවසාන පූර්ව වටයේදී ඉන්දියාවට සත්කාරක එංගලන්තය සමග තරග වැදීමට අවස්ථාව උදා වේවි.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor