AVANT GARDE ලොක්කෝ දෙන්නා සිංගප්පූරුවට පැනලා – CIDය නීිතිපතිට දැනුම් දෙයි

වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් ඊයේ (6) නියෝග කළ ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික කොමදෝරු විශ්වජිත් නන්දන දියලගොඩ යන දෙදෙනා පසුගිය 5 වැනිදා පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (6) නීතිපතිවරයාට වාර්තා කර තිබෙනවා.

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමෙන් රජයට රුපියල් කෝටි 1140ක පාඩුවක් සිදු කළ බවට නිශ්ශංක සේනාධිපති ඇතුලු 8 දෙනෙකුට චෝදනා එල්ලවී තිබෙනවා.

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන්නැයි ඉල්ලමින් සේනාධිපති මහතා ඇතුළු සැකකරුවන් පිරිසක් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම පසුගිය 05 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විමසන අවස්ථාවේදීත් ඔවුන් රටින් පිටව ගොස් ඇති බවයි නීතිපතිවරයාගේ ප‍්‍රකාශිකාව සඳහන් කළේ.

Recommended For You

About the Author: Editor