
පසුගිය දා බහමාස් රාජ්‍යයේ දී සිදු වු හෙලිකොප්ටර් අනතුරකින් 60 හැවිරිදි අමෙරිකානු බිලියනපතියෙකු වන ක්‍රිස් ක්ලයින් Chris Cline මිය ගියා.
හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් අනතුර සිදුව ඇති අතර එම අවස්ථාවේ තවත් පිරිසක් අදාළ යානය තුළ සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
බටහිර වර්ජිනියා ප්‍රාන්ත වැසියෙකු වන Chris Cline ව්‍යාපාර ගණනාවක හිමිකරුවෙකු වන අතර ඔහුගේ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 1.9ක් පමණ වන බවද සඳහන්.