ඇෆ්ගන් ආරක්ෂක අමාත්‍යාංශයට තලේබාන් ප‍්‍රහාරයක්: 14ක් මරුට

තලේබාන් ත්‍රස්තවාදීන් ඇෆ්ගනිස්ථානයේ මධ්‍යම ගාස්නි නගරයේ ආරක්ෂක අමාත්‍යාංශ ගොඩනැගිල්ලට පහරදීම හේතුවෙන් 14දෙනකු මියගොස් 140 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි BBC පුවත් සේවය පවසනවා.

ත‍්‍රස්තවාදීන් විසින් මෝටර් රථයක අටවා තිබූ බෝම්බයක් ද ගොඩනැගිල්ල ඉදිරිපිට පුපුරුවා ඇති බවයි BBCය පවසන්නේ.

ප‍්‍රහාරයෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් අට දෙනකු ද කුඩු දරුවෙකු ඇතුළු සාමාන්‍ය වැසියන් හය දෙනකු ද මිය ගොස් ඇතැයි ඇෆ්ගන් බලධාරීන් පවසනවා. තුවාල ලැබූවන් අතර දරුවන් 27ක් පමණ සිටින බව සඳහන් කරන BBC වාර්තාකරු තුවාල ලැබූ කිහිපදෙනකු බරපතල තත්ත්වයේ පසුවන බැවින් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහල යෑමට ඉඩඇති බව ද සඳහන් කරනවා.

ඇෆ්ගනිස්ථානයේ වසර 18ක් තිස්සේ පවතින යුද්ධය අවසන් කිරීම සඳහා කටා නගරයේ සාකච්ඡා පැවැත්වෙන අතරතුර මෙම පහරදීම සිදුවීම විශේෂත්වයක්.

Recommended For You

About the Author: Editor