ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ගැන ප‍්‍රංශ – ඉරාන කතා යළි

අර්බුදයට ලක්ව ඇති ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් යළි සාකච්ඡා ආරම්භ කිරිමට ඉරානය සහ ප්‍රංශය එකඟ වී තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරනවා.

ඉරාන ජනාධිපති හසන් රහුහානි සමඟ තමා සිදුකළ දුරකථන සංවාදයකදී එම ගිවිසුම සම්බනධයෙන් එකඟතාවකට පැමිණි බවයි ප්‍රංශ ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

ඉරානය ලෝක බලවතුන් සමඟ ඇති කර ගත් න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් තීරණය කිරීමත් සමඟ එම ගිවිසුම බිඳ වැටමෙන් අවධානමක් මතු වුණා. ඉරානයේ සමීප මිතුරෙක් වන ප‍්‍රංශයේ උත්සාහය වන්නේ එය රැුක ගැනීම බවයි වාර්තා වන්නේ.

Recommended For You

About the Author: Editor