ඉස්ලාම් ටියුනීසියාවත් අන්තවාදීට මග කියන ‘නිකාබය’ තහනම් කරයි

ශ‍්‍රී ලංකාවේ සිදු වූ පාස්කු ඉරිදා ප‍්‍රහාර මාලාවෙන් පසුව ආරක්ෂාව මත යැයි කියමින් මුස්ලිම් කාන්තාවන්ගේ අඳින ‘නිකාබය – බුර්කාව’ තහනම් කිරීමට රජය විසින් පියවර ගත්තා.

රජයේ මේ තීරණය ඇතැම් මුස්ලිම් දේශපාලන පක්ෂ සහ සංවිධාන සැලකුවේ ඉස්ලාම් සංස්කෘතියට කරන අත තැබීමක් නැතිනම් සීමා පැනවීමක් විදිහටයි. ඒත් ඇඳුමක් නිසා හෝ සංස්කෘතිය නිසා හෝ ජාතික ආරක්ෂාව, ජනතා ජීවිත බිලිදිය නොහැකි බව ලංකාව ඇතුළු රටවල් රැසක් තීන්දු කර තිබෙනවා.

මේ අතර අති බහුතරක් ඉස්ලාම් ජනතාව ජීවත් වන ටියුනීසියාව නම් උතුරු අප‍්‍රිකානු රාජ්‍යය ද ආරක්ෂක හේතූන් සැලකිල්ලට ගනිමින් ‘නිකාබය’ තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ තීරණය ගෙන ඇත්තේ ටියුනීසියානු අගමැති යුසෙෆ් චහෙඞ් විසින්.

තම තීන්දුවට හේතු දක්වමන ටියුනීසියානු අගමැතිවරයා කියන්නේ පසුගිය කාලය පුරාම තම රාජ්‍යයට ඉස්ලාම් අන්තවාදී අයි.එස්. කල්ලියෙන් ප‍්‍රහාර රැසක් එල්ල වූ බවයි. පසුගිය ජූනි 27 වැනිදා ටියුනිස් අගනුවර මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් කිහිපයක් සිදු වූ බවත් එම ප්‍රහාරයට පැමිණී මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගෙන් එක් බෝම්බකරුවකු නිකාබ් ඇඳුමින් සැරැසි සිට බව මේ වනවිට පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවත් අගමැතිවරයා කියනවා. ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන නිකාබ් තහනම් කිරීමට තමා තීන්දු කළේ මේ අනුව බවත් ඔහු පෙන්වා දෙනවා.

ටියුනීසියාවේ නව නියෝගය අනුව ප්‍රසිද්ධියේ නිකාබ් ඇඳුමින් සැරැසී සිටියොත් එම කාන්තාවන් වහා අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා.

ටියුනීසියානු රජයේ නව නියෝගය ගැන අදහස් දක්වන ‘රොයිටර්’ කියන්නේ අගමැතිවරයාගේ නව නියෝගය අන්තවාදීන් ප‍්‍රකෝප කිරීමට හේතු වනු ඇති බවයි. ඊට හේතුව වශයෙන් ඔවුන් දක්වන්නේ 2011 අරාබි වසන්තයේ සමාරම්භය සටහන් කරමින් බෙන් අලී පළවා හැරීමෙන් පසු බිහි වූ පාලනය තුළ කාන්තාවන්ට හිජාබය සහ නිකාබය ඇඳීමට අන්තවාදීන් බල කළ බවයි.

බෙන් අලී පමණක් නොවෙයි ටියුනීසියාවේ ජනපති ධුරය හෙබවූ හබීබ් බොර්ගුබියා ද මුසිල්ම් කාන්තාවන්ට නිකාබය හෝ හිජාබය හෝ පළඳින්න ඉඩ දුන්නේ නැහැ. එම මුස්ලිම් ඇඳුම් ටියුනීසියාවේ තහනම් කරලයි තිබුණේ. කෙසේ නමුත් 2011 ජනතා විරෝධතා මැද සිදුවුණු දේශපාලන පෙරැළියෙන් පසු ටියුනීසියාවේ මුස්ලිම් අන්තවාදය හිස ඔසවන්න වූ පසුව කාන්තාවන්ට නිකාබය හා බුර්කාව ඇඳීමට බල කෙරුණා.

Recommended For You

About the Author: Editor