ඔස්ටේ‍්‍රලියාව – දකුණු අප‍්‍රිකාව හමුවේ පරාජය වීමත් සමග අවසන් ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට ඉන්දියාව

ලෝක කුසලාන පළමු වටයේ සියලූ තරග ඊයේ නිමාවට පත් වීමත් සමග ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (7) සමත් වුණා. ඒ ප‍්‍රසාද ලකුණු 15ක් ලබා ගනිමින්. ඉන්දීය කණ්ඩායම 9/7ක් ලෙස තරග ජයග‍්‍රහණය කළ අතර දළ ලකුණු වේගය 0.809ක්.

මේ තත්ත්වය තුළ ලෝක කුසලාන අවසන් පූර්ව වටයේදී ඉන්දීය කණ්ඩායම 9/5ක් ලෙස ප‍්‍රසාද ලකුණු 11ක් ද දළ ලකුණු වේගය 0.175ක් ද ලබා ගෙන සිවුවන ස්ථානයේ සිටින නවසීලන්තය සමග ජූලි 09 වැනිදා ‘‘ ඕල්ඞ් ට‍්‍රැෆර්ඞ් හිදී තරග වැඳීමට නියමිතයි.

ඊයේ ඔස්ටේ‍්‍රලියාව සහ දකුණු අප‍්‍රිකාව අතර පැවැති තරගයෙන් ඔස්ටේ‍්‍රලියාව ලකුණු 10ක පරාජයක් ලැබුවා.

ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුළු 06කට ලකුණු 325ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමට පන්දු වාර 49.5කදී සියලූ දෙනාම දැවී ලබාගත හැකි වුණේ ලකුණු 315ක් පමණයි. ඒ අනුව දකුණු අප‍්‍රිකාවට ලකුණු 10ක ජයග‍්‍රහණයක් හිමි වුණා.

දකුණු අප‍්‍රිකාව ලද ජයග‍්‍රහණය සමග ප‍්‍රසාද ලකුණු සටහනේ 02 වැනි ස්ථානයට ඔස්ටේ‍්‍රලියාව පත් වුණා. ඒ 9/7ක් ලෙස ප‍්‍රසාද ලකුණු 14කට සහ දළ ලකුණු වේගය 0.868ක් ලෙස සටහන් කරමින්.

මේ සමග අවසන් පූර්ව වටයේදී ඕස්ටේ‍්‍රලියාව 9/6ක් ලෙස ප‍්‍රසාද ලකුණු 12ක් දිනාගෙන තෙවන ස්ථානයේ පසුවන එංගලන්තය සමග ලබන 11 වැනිදා එජ්බාස්ටන් හිදී තරග වැඳීමට නියමිතයි.

පළමු වටයේ අවසන් ප‍්‍රතිඵල

ඉහත සඳහන් කළ පරිදි පළමු වටයේ මුල් පෙළ ස්ථන හතර ඉන්දියාව, ඔස්ටේ‍්‍රලියාව, එංගලන්තය සහ නවසීලන්තය විසින් හිමිකර ගෙන සිටියදී 05 වන ස්ථානය 9/5ක් ලෙස ප‍්‍රසාද ලකුණු 11ක් දිනා ගත් පාකිස්ථානයත්, 06 වැනි ස්ථානය 9/3ක් ලෙස ප‍්‍රසාද ලකුණු 08ක් දිනාගෙන සිටින ශ‍්‍රී ලංකාවටත් හිමිව තිබෙනවා.

07 වැනි ස්ථානය දකුණු අප‍්‍රිකාව ද, 08 වන ස්ථාන බංග්ලාදේශය ද 09 වන ස්ථානය බටහරි ඉන්දිය කොදෙව් ද 10 වැනි ස්ථානය ඇෆ්ගනිස්ථානය විසින් ද දිනාගෙන

Recommended For You

About the Author: Editor