
ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන දුම්රිය සේවකයින් රටේ පොදු නීතියට අභියෝග කරමින් අත්තනෝමතිකව වැඩවර්ජන දියත් කරමින් රටේ සාමාන්‍ය ජනජීවිතය කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින්නේ දැඩි පිළිකුළක්.
මේ තත්ත්වය තුළ දුම්රියේ අත්තනෝමතිකත්වයෙන් බැටකන ජනතාවට සැනසුම් සුසුමක් හෙළිය හැකි පුවතක් ඊයේ වාර්තා වුණා.
ඒ දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර තිබියදීත් සේවයට වාර්තා නොකළ දුම්රිය සේවකයන්ට එරෙහිව නීතිය තදින් කි‍්‍රයාත්මක කරන බවට ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් එල්. පී. ජයම්පති මහතා අවධාරණය කිරීමයි.
මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතාව ද දැනුවත් කර තිබෙන බවයි අමාත්‍යාංශ ලේකම්වරයා කියන්නේ.
2019 ජුනි මස 27 වන දිනැති ගැසට් නිවේදනයෙන් දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කළ අතර එවැනි තත්වයක් තුළ දුම්රිය සේවකයන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් රටේ ජනතාව දැඩි අපහසුතාවට පත්කිරීමේ වගකීම ඔවුන්ට පැවරෙන බවයි ලේකම්වරයා පෙන්වා දෙන්නේ.
මේ සම්බන්ධයෙන් මේ වනවිට අංශ කිහිපයකින් විමර්ශන ආරම්භ කර තිබෙන බව ද ජයම්පතී මහතා සඳහන් කළා.