
ජූලි 09 වැනි දින පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීම හෙට (8) පස්වරු 02.00 පැවැත්වීමට තීරණය කර ඇතැයි ජනපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අඟරුවාදා දින මහා බි්රතාන්යයේ තෙදින පුද්ගලික සංචාරයක නිරත වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
ජනපතිවරයාගේ පුත් දහම් සිරිසේන මහතාගේ උපාධි ප්රදානෝත්සවයට සහභාගී වීම සඳහා ජනපතිවරයා ලන්ඩන් යන බව ද වාර්තා වේ.