පාකිස්තාන ක්‍රීඩක ෂොයිබ් මලික් සහ විනිසුරු ඉයන් ගෝල්ඞ් ක‍්‍රිකට් පිටියට සමුදෙයි

ක‍්‍රිකට් ලෝකයේ සුපිරි ක‍්‍රීඩකයින් රැසක් සිටියත් පාකිස්ථානයට මෙවර ලෝක කුසලානය එතරම් යහපත් වුණේ නැහැ. ප‍්‍රසාද ලකුණු සටහනේ 05 වැනි ස්ථානය දිනා ගත් පාකිස්ථානයට පළමු වටයෙන්ම ඉවත් වීමට සිදු වුණා. මේ ගැන පාකිස්ථානු කණ්ඩායම සේම පේ‍්‍රක්ෂකයින් ද සිටිනේ දැඩි කණස්සල්ලෙන්.

එම කණස්සල්ල තවත් තියුණු කරන පුවතක් මේ සමග පාකිස්ථාන පේ‍්‍රක්ෂකයින්ට අසන්නට ලැබෙනවා. ඒ පාකිස්තාන ක්‍රිඩක ෂොයිබ් මලික් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කිරීමයි.

පසුගිය දා පැවැති පාකිස්ථාන – බංග්ලාදේශ තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ නිල වශයෙන් ෂොයිබ් මලික් මේ බව ප්‍රකාශ කර සිටියා.

මලික් එක්දින ක්‍රිකට් තරග 287කට ක්‍රීඩා කර ඇති අතර ශතක 09ක් සමග ලකුණු 7534ක් රැස් කර තිබෙනවා.

කෙසේ වෙතත් තමන් පන්දුවාර 20යි 20 තරග සඳහා පාකිස්තානය වෙනුවෙන් තව දුරටත් ක‍්‍රීඩා කරන බව මලික් පවසා තිබෙනවා.

ඉයන් ගෝල්ඞ් විනිසුරු දිවියට සමුදෙයි

මේ අතර එංගලන්ත ජාතික විනිසුරු ඉයන් ගෝල්ඩ් සිය විනිසුරු දිවියට පසුගිය දා සමු දුන්නා.

ඔහු එක්දින තරග 140ක්, ටෙස්ට් තරග 74ක් සහ විස්සයි විස්ස තරග 37ක විනිසුරුවරයෙකු වශයෙන් කටයුතු කර තිබෙන බව සඳහන්.

ඉයන් ගෝල්ඞ් අවසන් වරට විනිසුරු වශයෙන් කටයුතු කළේ ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති තරගයේදීයි.

එහිදී ඔහු දැඩි විවේචනයට ලක්වන තීන්දුවක් දුන්නා. ඉසුරු උදාන යැවු පන්දුවකට රිෂාබ් පාන්ට් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වු බවට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉල්ලීමක් කළද විනිසුරු ඉයන් ගොල්ඩ් එය ප්‍රතික්ෂේප කළා.

පසුව එම තීන්දුව නැවත විමසීමේ ක්‍රමවේදය ඔස්සේ එම තීරණය වෙනස් කරමින් පාන්ටි දැවි ගිය පිතිකරුවෙකු බවට දැනුම් දුන්නා. මේ සමග ඉයන් ගෝඞ්ල් දැඩි විවේචනයට ලක් වුණා. ඔහුගේ ඉල්ලා අස්වීමට මෙම කරුණ ද බලපාන්න ඇති බව සඳහන්.

Recommended For You

About the Author: Editor