පොළොන්නරුවේ රණසිංහ පාලනයක් බිහි කරනවා – එජනිස මන්ත‍්‍රී රොෂාන් රණසිංහ

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙවර ජනාධිපතිවරණයට අනිවාර්යෙන්ම ඉදිරිපත් වන්නේ පොහොට්ටුවෙන්

තමා බලා සිටින්නේ පොළොන්නරුවේ සිරිසේන පාලනය අවසන් කර රණසිංහ පාලනයක් ඇති කිරීමට යැයි පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝෂාන් රණසිංහ මහතා කියයි.

පූජාපිටියේ පැවැති හාරිස්පත්තුව 2 තරුණ බල මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක් වෙමින් ඊයේ (6) සවස රොෂාන් රණසිංහ මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා,

‘‘මේ දිනවල කොහේ ගියත් අහන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එකට යනවද කියලා. මේ රටේ තියෙන දැවැන්තම දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙවර ජනාධිපතිවරණයට අනිවාර්යෙන්ම ඉදිරිපත් වන්නේ පොහොට්ටුවෙන් බව අපි සහතික කර ප්‍රකාශ කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක එන්න පුළුවන්. අපි එකතු වෙලා යනවා නම් අමරවීර මහත්තයාලට අපි කියන්න කැමැතියි, මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ආවේ පහෙන් විශ්‍රාම යන්න. මමත් බලාගෙන ඉන්නේ එතුමා විශ්‍රාම යනකම් පොළොන්නරුවේ සිරිසේන පාලනය අවසන් කරලා රණසිංහ පාලනයක් ඇති කරන්න’’

Recommended For You

About the Author: Editor