
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සහ සියලු ප්‍රාදේශීය ලේකම්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (8) පස්වරුවේ දී පැවැත්වීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කි‍්‍රයාත්මක කිරීමට යෝජනා කර ඇති ‘‘ගී්රන් ක්ලබ්’’ වැඩසටහන සම්බන්ධයෙන් එහිදී මූලික වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.
මුදල් අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන ග්‍රීන් ක්ලබ් වැඩසටහන යටතේ දිවයින පුරා පැළ ලක්ෂ 25ක් සිටුවීමට නියමිත අතර ඒ සඳහා එක් එක් ප්රාදේශ්රීය ලේකම් කොට්ඨාසවලින් ස්වෙච්ඡා නිලධාරීන්ට සම්බන්ධ විය හැකි බව ද මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.